(සුජිත් හේවාජුලිගේ අංජුල මහික වීරරත්න )
කොරෝනා අවදානම හේතුවෙන් රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසී ය .
සියලු විශ්වවිද්‍යාල ලබන 27 වැනිදා විවෘත විවෘත කිරීමට නියමිතව තිබුණ ද ඒවා නැවත විවෘත කරන්නේ මේ අනුව තවත් සති දෙකකින් පමණ පසුව බවද ඇමැතිවරයා කීය .
විශ්ව විද්‍යාල විවෘත කිරීම රටේ සෞඛ්‍ය තත්ත්වය මත තව සති දෙකක් කල් දැමීම නුවණට හුරු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙන බවත් ඒ දැනුම් දීම අනුව කටයුතු කිරීමට අමාත්‍යංශයට සිදුවන බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මේ තීරණය සියලුම විශ්ව විද්‍යාලවල උප උපකුලපතිවරුන් ට දැනටමත් දැනුම් දී ඇතැයි ද මහාචාර්ය වරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි .
COMMENTS
පාසල් සියල්ල විවෘත කරලා... නමුත් විශ්ව විද්‍යාල විවෘත කරන්න බයයි...
බස්නාහිර ප්‍රාථමික පන්තිවත් තාවකාලිකව නිවාඩු දුන්නොත් හොදයි.