
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් කථානායකවරයාට බාර දෙන ලද විශ්වාසභංග යෝජනාවට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රී කණ්ඩායම කොන්දේසි දෙකක් පනවා ඇත.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන්නේ ද ,එසේ නැතිනම් සමගි බලවේගය ආණ්ඩුවක් පිහිටුවන්නේ ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් විමසා ඇත.
එම කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් තම කණ්ඩායම විශ්වාසභංග සඳහා සහාය ලබාදෙන බවද එම මන්ත්‍රී කණ්ඩායම දැනුම් දී ඇත.
මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, විජයදාස රාජපක්ෂ ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ නායකයන්ගේ අත්සනින් මෙම ලිපිය භාරදී ඇත.
එම ලිපිය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය ලබන සතිය තුළ ලබා දෙන්නැයි ද මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායකවරයගෙන් ඉල්ලීමක් කර ඇත.
COMMENTS
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සමගි බලවේග ආණ්ඩුවක් යන දෙකම රටේ ජනතාව ඉල්ලන විසඳුම නොවන නිසා එවැනි කොන්දේසි ගැන කාලය වැය කළාට ඵලක් නැත...
රටේ මිනිස්සුන්ට කන්න නැහැ. මේ අය ඔලුබක්කෝ නටනවා.
නොකොරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෙ කියනවලු.
බයවෙන්න එපා, සජිත් එකඟ වෙන්නේ නෑ. අර්බුදවලට විසඳුම් දෙන්න එයාට බෑ. සංස්කෘතික අරමුදලෙන් හැමදේම කරන්න පුළුවනෑ... නැද්ද මලේ?
මේ 225 ම පාර්ලිමේන්තුවෙන් පැන්නුව දාට තමයි රට හැදෙන්නේ. මේ ඔක්කොම ජරාජීර්ණවෙලා.. දැන් ගන්නම දෙයක් නෑ.
නියෝජ්‍ය කතානායක ඡන්දෙදී කරපු දේ දැක්කනේ.. ඔය කවුරුවත් ඕනෑ නෑ... අපි වැඩේ කරගන්නම්...
දැන් විශ්වාස භංගයෙන් වැඩක් නෑ. දැන් විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළ යුතුයි...
දැන් ඔබලාගේ සහාය අවශ්‍ය නැහැ. තවත් කිච වෙන්නේ නැතිව රාජපක්ෂලාගේ අමුඩ හෝදගෙන ඉන්න.
කා සමගවත් ගණුදෙණුවක් තියාගන්න එපා.
මේ 225ම නැවත නම් පාර්ලිමේන්තු එවන්න එපා.
මේ ඉන්නේ සුපිරි ගේම් කාරයින්...
කාට කරපු පවටද දන්නේ නැහැ මෙහෙම ජීවිත හම්බ වුනේ? හිතක් පපුවක් කියන එක පොඩ්ඩක්වත් නැහැ.
අද රටේ තියෙන තත්ත්වයට මෛත්‍රිත් වගකියන්න ඕනෑ..!
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හොඳබව මගේ හැඟීමයි.
මේ දූෂිත දේශපාලුවන්ට දැන් රටේ පවතින තත්වෙට විසඳුමක් සෙවීම කෙසේ වෙතත් යටි අරමුණු බලයේ රැඳී සිටීම බව නම් පැහැදිලියි.
හොරු ටික වහාම යන්න... රාජපක්ෂලාත් එක්කම. නුඹලා කවුරුවත් ඕනෑ නැහැ. ජනතාව සර්ව පාක්ෂික රජයකට සහාය දෙන්නේ නැහැ. නුඹලගෙ හොර වහගන්න දඟලන්න එපා.
ඔය 225 වෙනුවට ප්‍රයෝගික වැඩ කරන්න පුළුවන් උගතුන් බාර ගන්නකම් කොමිෂන්ගන්න විතරයි හැම එකාම. ජවිපෙ 1977 JR ගේ අමුඩ හේදුවා ඊට පස්සේ චන්ද්‍රිකාගේ, මහින්දගේ, සිරිසේන -රනිල් ගේ සහ සරත් ෆොන්සේකා ගේ. මුන් ඔක්කොම පට්ට හොරු. සජියා ගේ නංගි හොර සල්ලි අරන් බැංකුවට දාන්න ගිහින් අහුවුණාම මහින්ද බේරගත්ත. සජියා පුරාවිද්‍යා අර මුදලට කෙලිය හොයන්නේ නෑ. සිරිසේන රනිල් බැංකුවට කෙලිය ඒවා හොයන්නේ නෑ. ජෙප්පෝ ඉබ්‍රහිම්, ධම්මික තියන් අරමුදලේ කෝටි 8000ක් FD දාල පුළුවන් තරම් සැප විඳිනවා උන්ගේ පස්සේ යන වහල්ලු මෝඩ තකතිරුවෝ. පස්සේ යන වහල්ලුනේ තේරුම් ගනිල්ලා අරගලය නිර්පාක්ෂික කරන්න
විශ්වාස භංග ඕනෑ නැහැ. ඔක්කොම ගෙදර යන්න ඡන්දයකින් අලුත්, උගත් අය අපි පත්කර ගන්නම්..!