IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විරුද්ද අයට මුලින් විරෝධයට අවස්ථාව දුන් හේතුව රනිල් කියයි

 

(අංජුල මහික වීරරත්න)

සිරිකොතට පැමිණ ඕනෑම මොහොතක තමා හමුවිය හැකි බව තම නිවස අසලට පැමිණ විරෝධතා දැක්වූ පිරිසට දැනුම් දුන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පස් වන පටුමගේ පිහිටි නිවස අසල පැවැති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් සිරිකොතේ පැවැති තරුණ හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.

"එම සිද්ධිය ලොකු ප්‍රශ්නයක් නොවේ.මගේ ගෙදරට ඇවිත් වට කරන්නැයි දාලා තිබුණා."ලේඩීස් කොලේජ්"එක ලඟට රැස්වී ඔවුන් ඇවිත් තිබුණා. ඉතින් ඉතින් "ලේඩීස් කොලෙජ්" එකේ ඉන්නේ අපේ අල්ලපු වැටෙි කෙල්ලොනේ.මේ කතාව වටේ ගිය නිසා කොළඹ අනෙක් අයත් ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්නට එතනට ඇවිත් තිබුනා.හදිසි නීතිය තිබුනත් කණ්ඩායම් දෙකටම අදාළ කටයුතු සඳහා පැය ගානේ ලබාදෙන බව පොලිසිය පැවසුවා.

ඉස්සෙල්ලා විරුද්ධ කණ්ඩායමට අවස්ථාව දුන්නා. මොකද උද්ඝෝෂණය ඉවර කර දවල් කෑම ගැනීම සඳහා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යන්න තිබෙන බව ඒ අය පැවසුවා.ඊට පස්සේ ආවෙ තුන් වේල අමාරුවෙන් කන මිනිස්සු.මා හමු විය යුතු බව පැමිණි පිරිස කියා තිබුණා .ඕනෑම වෙලාවක සිරිකොතට පැමිණ හමුවිය බව හැකි බව මා පැවසුවා."යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 



අදහස් (0)

විරුද්ද අයට මුලින් විරෝධයට අවස්ථාව දුන් හේතුව රනිල් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site