
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය.
තමාට, මුජුබුර් රහුමාන්ට බුද්ධික පතිරණ වැනි විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත මුදල් සතයක්වත් ලැබී නැතැයි රාජකරුණා මහතා කීය.
කලින් පක්ෂ විපක්ෂ සැමට විමධ්‍යගත අරමුදල් ලැබුණ නමුත් මේ වසරේදී ඒ කටයුතු කර තිබෙන්නේ අසාධාරණ විදිහට යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
එම විමධ්‍යගත අරමුදල් ලැබුණු ආකාරය අනුව විපක්ෂයේ බහුතරයකගේ වරප්‍රසාද කඩවී තිබෙන හෙයින් බේදයකින් තොරව එම මුදල් ලැබීමට සැලැස්විය යුතු බව රාජකරුණා මහතා සඳහන් කළේය.
ඒ මුදල් ගත් අයත් අපහසුතාවයට පත්වී සිටින්නේ යැයිද ජනාධිපති මේ විදිහට අරමුදල් බෙදුවේ එලෙස අපහසුතාවයකට පත් කරන්නද දන්නේ නැතැයි මන්ත්‍රීවරයා පැවසීය.
සභානායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීවෙි විමධ්‍යගත ක්‍රියා මුදලක් වෙන් කළේ නැති අතර ග්‍රාමීය කමිටු හරහා යෝජනා ගෙනැවිත් අනුමත මුදල් ගෙවා තිබෙන බවයි.බොහෝ මන්ත්‍රීවරුන් ඒ කමිටුවලට එන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා
Perera Thursday, 20 June 2024 08:36 AM
ඔහෙලට තීරු බදු රහිත සිලින්ඩර් අටේ 4 වීල් v8 ,රටේ ජනතාවට බදු ගහපු එක සිලින්දරේ 3 වීල් නැත්නම් 2 වීල් .ඒවත් හැඳි දෙකේ බෙදුම් තමයි