
(සුජිත් හේවාජුලිගේ)
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු ඔවුනට දුරකථන මාර්ගයෙන් එල්ල වූ දැඩි දෝෂාරෝපණ හේතුවෙන් එම උත්සවය අතරමඟදී ඒ ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි වාර්තාවේ.
මෙම උත්සවය පැවැත්වුණේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්වය කවුදැයි මැතිවරණ වේදිකාවේදී පුන පුනා ප්‍රකාශ කරමින් ඒ පාර්ශවයේම උත්සවයකට සහභාගි වෙමින් ඔවුනට සුදුහුණු ගෑම ඉතාම කැත පහත් වැඩක් බවට එම දුරකථන ඇමතුම් දුන් අය ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂයේ නායකයන්ට මෙසේ දුරකථන ඇමතුම් දුන් පිරිස අතර කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුද සිටිතියි දැනගන්නට ඇත.
මේ අනුව මේ කාරණය ඉදිරියේදී ජනතාවට හෙළිදරව් කිරීමටද එම පියතුමන්ලා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවේ.
උදය ගම්මන්පිල මහතාගේ එම උත්සවයට විපක්ෂයේ නායකයන් සහභාගි වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා දැනටමත් සිය කනස්සල්ල පළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයියෝ අන්දන්න හොද ක්‍රම පොතක් ලිව්වා නම් හරි...
කතෝලික පියවරුන් දැඩි උත්සාහයක් ගන්නවා පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙලිවීම වැලැක්වීමට. ඒ වගේම ඒජාප, මාලිමා නායකත්වය එය වළක්වා ගැනීමට ඔවුන් අසමත්වීම හෝ ඔවුන්ගේ සබැඳියාවන් හෙලිවේ යැයි සැකයෙන් ඉන්නේ. කොටි ඩයස්පෝරාව පාස්කු ප්‍රහාරයේ වගකීම හමුදාව මතින් හා යුද්ධයට නායකත්වය දුන් අය මතින් යවන්න උත්සාහ දරනවා. මේ සියලුදෙනා එක්ව සත්‍යය යටපත් කිරීමටත් අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමටත් විශාල වෙහෙසක් දරනවා. ගම්මන්පිල හෝ කවුරු හෝ සත්‍යය අවුස්සා හෙලිකිරීමේ උත්සාහයක් ගන්නේ නම් දේශපාලන බත්බැලයින් හා එන්ජීඕ කාරයින්ගෙන් යැපෙන මාධ්‍ය හිගන්නන් ලවා මඩ අවලාද අසත්‍ය තුලින් ඒ උත්සාහය ව්‍යවර්ත කරවන්නට මාන බලත්...