
(පද්මසිරි ගාර්දියවසම්,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චන්ද්‍රසේන ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (17) අලුයම 5 ට පමණ විදේශීය සංචාරකයන් පිරිසක් රැගත් බස් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක ගැටී එක් අයකු මියගොස් දහතුන් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .
මියගොස් ඇත්තේ සංචාරක බස් රථයේ රියදුරාය .
තුවාල කරුවන් හතර දෙනකු තංගල්ල මූලික රෝහලට රැගෙන විත් තිබේ .
තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ තුවාල කරුවන් අතර විදේශීය සංචාරකයන් තිදෙනකු සහ සංචාරක මග පෙන්වන්නා සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
අනතුරට පත් බස් රථයේ විදේශීය සංචාරකයන් 12 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය පැවසීය . අනතුරින් සුලු තුවාල ලැබූ සංචාරකයන් 9 දෙනකු ප්‍රතිකාර සදහා බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුළත් කර තිබේ .ඔවුන්ද වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට රැගෙන ඒමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මියගිය රියදුරුගේ මෘතදේහය බෙලිඅත්ත රෝහලේ තැන්පත් කර ඇත.
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ නින්ද යනවා, නැත්නම් ඉහළ වේගයෙන් යනවා."
සංචාරකයෝ අච්චර එනවා, මෙච්චර එනවා කියලා උදම් ඇනුවට, ඒ මිනිසුන්ට මේ රටේ පාරවල් වල අරන් ගිහිං මාරයා පෙන්වන එක නම් ලොවෙත් නැති සංචාරක කර්මාන්තයක් හොඳේ.
මේ පලමු දේ නෙමෙයි .බර වාහන කොට කොට යන්නේ .බැරි ඉන්දියානු ලොරි පිටිපස පෙන්නන්ඩ ලයිට් හරියට නෑ.අවම වේගයක් තිබිය යුතුයි .නම අධිවේගී වුනාට යන්න බෑ පටු වැඩි නිසා .
මේ වගේ නිතර නිතරම අනතුරු වෙන රටක් ලෝකෙම නැතුව ඇති. මේවා දකින කොට ලන්කාවට එන්න හිතෙයිද?
ඔන්න සංචාරකයෝ ගෙන්නලා කරන දේ. හයිවේවල ලයිට් නැති ප්‍රශ්නය නිසා මේ හැමදේම වෙන්නේ. කරුණාකරලා මේ ආණ්ඩුවවත් මේ ප්‍රශ්නයට ඉක්මණින් විසඳුමක් දෙන්න...
ලංකාවේ තියෙන්නේ අධිවේග නෙවෙයි, දෙපැත්තටම නැති පාරක්, ඕන කෙනෙකුට හෙමින් යන සීමාවක් නැහැ. හෙමින් කොටකොට යන වාහන නිසා මේ අනතුරු ඔක්කෝම, ළඟට එනකම්ම පේන්නෙත් නැහැ... සමහර ඒවගේ පිටුපස ලාම්පුත් නැහැ... මමත් මෙවැනි අනතුරු වලින් නූලෙන් බේරිලා තියෙනවා..
ලොරියේ නිල්පාට රෙද්දට පිටුපස ලයිට් ආවරණය වෙලා වගේ...
මූලික හේතුව මෙම මාර්ගයේ යානවාහන සඳහා අවම වේගයක් නොතිබීමයි. මඳ ආලොකයේ ගාට ගාට යන වාහන මෙම මාර්ගයට ඇතුල් කිරිමට ඉඩ නොදිය යුතුයි...
හේතුව අර මිදි වැලද දන්නැහැ...
වෙන රටවල ඔය වගේ බර වාහන ලොරි වගේ වාහන අධිවේගී මාර්ග වලට ඇතුළු කිරීමට වෙලාවක් තියෙනවා හිතුන හිතුන වෙලාවට බැහැ ඒකට මෙහෙ
කරුණාකර ඉදිරියෙන් යන වාහනය අතර නියමිත දුර හැම විටම තබන්න උත්සාහ කරන්න...
මාලිමාවේ ඉන්න තාක්ෂණික වැඩ්ඩෝ ටික දැන්වත් මේවට උත්තර හෙව්වොත් නරකද? 2/3 ක බලයක් තිබිලත් මේවට විසඳුම් හොයාගන්න බැරිනම් වැඩක් නෑ.