
(මනෝප්‍රිය ගුණසේකර)
මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් අගෝස්තු 25 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස තීරණය කළේය.
මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ 18 හැවිරිදි සිවලෝගනාදන් විද්‍යා නමැති පාසැල් දැරිය 2015 වසරේදී පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 සැප්තැම්බර් 27 වැනිදා මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.
විසින් තමන්ට එම දඩුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් මහාධිකරණ තීන්දුව අහෝසි කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම අභියාචන පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දැරිය දූෂණය කරලා මරලා දානකොට තොපි නොදැන හිටියද ඒක නීතිවිරෝධී බව? මරණීය දණ්ඩනය නිමා කරලා හිරගෙවල් වල දමාගෙන කන්න බොන්න දීලා බලාගන්න එක තවත් අපරාධයක් . මේ වගේ අපරාධකරුවන්ට මරණීය දඬුවම් දීම ඉතාම කාලෝචිතයි.