
(තිලකරත්න දිසානායක.)
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද (12) සවස 4 වනවිට පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා ඒකකය සදහන් කරයි.
පැවති වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය , ඌරුවල් ඔය සහ කුණ්ඩවිල ඇල පිටාර මත ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් සහ අවට ප්‍රදේශ මද වශයෙන් යටව පවතින අතර පීඩාවට පත්වූ පවුල් 416 ක සාමාජිකයින් 1376 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 16 ක රැදවීමට පියවර ගෙන ඇති බවත් පීඩාවට පත්ව සිටින අයට අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගන්නා ලෙස දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පැවසීය.
ආපදා පවතින ප්‍රදේශයන්හි දිසාපතිවරයා සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත චන්ද්‍රසිරි මහතා අද නිරීක්ෂණය කරමින් අවශ්‍ය සහන සැලසීම පිනිස පියවර ගනු ලැබූහ.
---------------------------------------------
(තිලකරත්න දිසානායක)
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර නගරයේ අතුරු මාර්ගද ජලයෙන් යටවීමට පටන්ගෙන ඇත.
ගම්පහ - ජාඇල මාර්ගය, ඔරුතොට මාර්ගය, ගම්පහ රෝහල අසල, ගම්පහ - යක්කල මාර්ගයේ ආනන්ද මාවත, ජාඇල පාර බස් නැවතුම් පොළ අසල, කල්යාණි පාර මෙන්ම නගරේ වීදි යටවීම හේතුවෙන් කඩ සාප්පු බොහෝමයක් සහ නගරයේ උපකාරක පන්ති ආදියද වසාදමා ඇති ආකාරයක් දක්නට ලැබිණි.
මාර්ග ජලයෙන් යටවීම නිසා ගම්පහ නගරයට ඇතුලුවන මාර්ගවල අධික වාහන තදබදයක් පවතී.


2025 දෙසැම්බර් මස 18
585
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් ගම්පහ පවුල් 16 707 ක් පීඩාවට
විදුර Saturday, 12 October 2024 01:50 PM
හරි හමන් අපවහන පද්ධති නෑ, පහත්බිම් වහගෙන අනීතික ගොඩනැගිලි, ඔක්කොම පණ්ඩිතයෝ ඉන්නේ, ඕක හදාගනිල්ලාකෝ