
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි සමාගම් විසිතුනක් රුපියල් කෝටි 59 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රජයට අයත් හෙක්ටයාර් 249843ක් එම වැවිලි සමාගම් වෙත අවුරුදු පනස් තුනක කාලයක් සඳහා බදු කුලී පදනම මත පවරාදී තිබූ බව එහි දැක්වේ.
කුරුණෑගල සමාගමකින් පමණක් 2023 දෙසැම්බර් 31 දිනට රුපියල් කෝටි 32 කට වැඩි මුදලක් රජයට අයවිය යුතුව තිබූ අතර ඉන් රුපියල් කෝටි 16කට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට හිඟව පැවතුණ බව පැවතුණු බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
වර්තමානයේ දී ශුද්ධ වත්කම් අඩු වී ඇති බව පවසමින් එම සමාගම වසරකට ගෙවිය යුතු බදු මුදල අඩුවෙන් ගෙවා ඇතැයි වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අදාළව නිකුත් කර ඇති වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා
Kasun Wednesday, 15 January 2025 12:42 PM
ඇමති බුදි ද ?
Kamal Koyrala Wednesday, 15 January 2025 03:10 PM
මේ වතු රජයට පවරා ගත යුතුයි