
(ඩී.කේ.රත්න )
වැලිමඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයට ඇටම්පිටිය අලුත්වෙල ප්‍රදේශයේදී අද (14) හවස පස් නක්දක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි පොලිසිය කියයි.
ඇටම්පිටිය ප්‍රදේශයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට ඉහලින් තිබූ පස් කන්දක් සමග ගසක් සමග ප්‍රධාන මාර්ගයට ඇද වැටීම නිසා එම මාර්ගයේ මංතීරු දෙකම අවහිර වී තිබිනි.
මෙම මාර්ගයට පස් කන්ද කඩා වැටීමත් සමග මෙම මාර්ගයේ වාහන ධාවනය පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම ඇන හිට තිබිණි.
ඇටම්පිටිය පොලීසිය ප්‍රදේශවාසීන් හා එක්ව දැඩි වෙහෙසක් දරා මෙම මාර්ගයේ එක් මංතීරුවක් සුද්ධ පවිත්‍ර කර වාහන ධාවනයට සුදුසු ලෙස සකස් කිරීමට කටයුතු යොදා තිබේ.
නමුත් මාර්ගයට ඉහලින් පිහිටිි පස් කන්ද ටිකෙන් ටික කඩා වැටීමේ දැඩි අවධානමක් පැවතීමත් අදුරු වැටීමත් අධික වර්ෂාවත් නිසා මාර්ගයට වැටුනු පස්කන්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම දැඩි අපහසු වී තිබිනි.



2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
702
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිමඩ - බදුල්ල පාරට පස් කන්දක් කඩා වැටේ
මෝ Wednesday, 14 April 2021 04:16 PM
කපාපියව් ගස්... !!!