IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැඩි මිලට රතු කැකුළු විකිණූ සමුපේට වැඩ වරදී

(ජේ.කේ.එල්. චාමින්ද)

යක්කලමුල්ල විවිධ සේවා සමුපාකාර සමිතිය විසින්  ආනයනික රතු කැකුළු සහල් කිලෝවක්  රජයේ පාලන මිලට වඩා  රුපියල් 299ක මුදලකට අලෙවි කරමින්  සිටියදි කොටුකර ගැනිමට හැකිවු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගාල්ල  දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 

ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් රජයේ පාලන මිලට අනුව  රුපියල් 220ක මුදලකට අලෙවි කළ යුතුවේ. මෙකි විවිධ සේවා සමුපාකාර සමිතිය විසින්  ආනයනික රතු කැකුළු සහල් රාක්කවල  අලෙවි කිරිමට නොතබා ගබඩාවෙන් රැගෙනවිත් පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.

විවිධසේවා සමුපාකාර සමිතියක් විසින් මේ අයුරින් ආනයනික රතු කැකුළු සහල් කිලෝවක් ඉතා විශාල මුදලකට  පාරිභෝගිකයින්ට අලෙවිකිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.

විවිධ සේවා සමුපාකාර සමිතියට හා අනිකුත් වෙළදුන් දෙදෙනාට මෙම මස 30 වැනිදින අධිකරණයේ නඩු පැවරිමට නියමිතව ඇත.

ඉකුත් සතිය තුල ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාලන මිලට වඩා  වැඩිමිලට සහල් අලෙවිකළ වෙළදුන්   15 දෙනෙකු පමණ කොටුකර ගැනිමට හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.

 



අදහස් (1)

වැඩි මිලට රතු කැකුළු විකිණූ සමුපේට වැඩ වරදී

රට පෙරට Tuesday, 21 January 2025 10:30 AM

ලිපියේ හැටියට නම් සමුපකාරෙ රතුකැකුලු විකුණා තියෙන්නෙ රුපියල් 519/= කටද සාමාන්‍යයෙන් රතු බාස්මතී හාලුත් එයට ආසන්න මුදලක් වෙනවා.ඒ සමිතියේ නිළවරනයෙන් මාලුමාමට තැනක් නැතිව ගියාද බලන්නකො

:       6       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site