
(සුජිත් හේවාජුලිගේ)
මෙවර අයවැයෙන් වාහන ආනයනයට අදාලව සහන නොලැබීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් පිරිසක් මුදල් අමාත්‍යාංශයෙන් කරුණු විමසීමක් කර ඇත.
අයවැයෙන් වාහන ආනයනයට අදාල සහන නොලැබුණ හෙයින් වාහනවල මිල ගණන් කිසිසේත්ම අඩු නොවන බව වාහන ආනයනකරුවෝ පෙන්වා දෙති.
අයවැයෙන් එවැනි සහනයක් බලාපොරොත්තු වුවත් එවැන්නක් නොලැබුණ බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගූ මහතා පැවසුවේ වාහන ආනයනය සඳහා සහනයක් නොදෙන්නේ කුමන හේතුවක් මතද යන්න මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ බවයි.
මේ ගැන විමසූ අවස්ථාවේදී අමාත්‍යාංශය මැදපෙරදිග පවතින යුදමය තත්වය සහ රටේ ඩොලර් සංචිතය සම්බන්ධව කරුණු ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව වාහන සඳහා බලපැවැත්වෙමින් තිබූ අධිභාර, සහ වෙනත් බදු තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් වාහන මිල ගණන්වල අඩුවීමක් සිදු නොවන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd