IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වීසා නැති සංචාරකයෝ - 13

සරටකුස්සා යනුවෙන් හැඳින්වෙන උකුස්සන් විශේෂ පහක් ලෝකයේ දක්නට ලැබෙයි. ඉන් ශ්‍රී ලංකාවේ දී දැකිය හැකිවන්නේ විශේෂ දෙකක් පමණි. දුඹුරු සරටකුස්සා මෙරට වාසීය. කළු සරකුස්සා නිහැරි හෙවත් සංචාරක පක්ෂියෙකි.

ඉන්දියාව, හිමාල කඳු ආශ්‍රිත පෙදෙස්, චීනය හා ගිනිකොණ දිග ආසියාවේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවී සිටින සරටකුස්සන් අතරින් පිරිසක් ශීත සෘතුව එළඹීමත් සමග මෙරටට පියඹා එති.

ඉංග්‍රීසි බසින් බ්ලැක් බසා Black Baza ලෙස හඳුන්වන කළු සරටකුස්සා සත්ත්ව විද්‍යාත්මකව ඇවිසෙඩා ලෙවුෆොටෙස් Aviceda leuphotes ලෙස නම්කැර ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් දුලබ නිහැරියකු ලෙස පිළිගැනේ. දක්නට අපහසුය. පහතරට වියළි කලාපීය වනාන්තරවලට පැමිණෙන කළු සරටකුස්සා තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් දක්නට ලැබෙයි. කසක සෘජු ඉරියව්වෙන් ලැග සිට වරින් වර පියඹා කෘමි සතුන් හෝ කුඩා උරගයන් අල්ලා කා දමයි. වරින් වර පියාපත් සැලීම් කිහිපයක් සහිතව ගස් මුදුන් වලට ඉතා ආසන්නයෙන් පියඹා යන පක්ෂියෙකි. ගසක ලැග සිටිමින් වැඩි කාලයක් ගත කරන මොවුන් සවස් කාලයේ බොහෝ ඇඳිරිවැටෙන තුරු ක්‍රියාශීලීව සිටියි.

සරටකුස්සන්ගේ විශේෂය වන්නේ හිස මත සිහින් සිළුවක් දක්නට ලැබීමයි. කළු සරකුස්සාගේ හිස කළු පැහැතිය. උඩු කය ද කළු පැහැති පිහාටුවලින් ආවරණය වී තිබේ. යටි කයෙහි රතුවන් දුඹුරු පැහැති ඉරි ඇති අතර ළයෙහි උඩු කොටස සුදු පැහැතිය. පියාසරණ විට මොවුන්ගේ කළු සහ අළු පැහැති පිහාටු සහ යටි කයෙහි ඇති රේඛා ඉතා අලංකාර රටාවක් මෙන් පෙනෙයි. මොවුන් පරිනත වනවිට හොටයේ උඩ හනුවේ දාර දෙකෙහි දත් වැනි ප්‍රසර දෙකක් දක්නට ලැබීම ද විශේෂ ලක්ෂණයකි.

black_baza_copy1 black_baza_copy3 blackbaza_web_8328_copy1 hathikhira_birds562a black_baza_1_copy2

වීසා නැති සංචාරකයෝ - 01  

http://www.lankadeepa.lk/index.php/articles/267260

වීසා නැති සංචාරකයෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/267404

වීසා නැති සංචාරකයෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/267670

වීසා නැති සංචාරකයෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/269230

වීසා නැති සංචාරකයෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271278

වීසා නැති සංචාරකයෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/271788

වීසා නැති සංචාරකයෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/276725

වීසා නැති සංචාරකයෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277005

වීසා නැති සංචාරකයෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277400

වීසා නැති සංචාරකයෝ - 10

http://www.lankadeepa.lk/index.php/articles/277598

වීසා නැති සංචාරකයෝ - 11

http://www.lankadeepa.lk/index.php/articles/277863

වීසා නැති සංචාරකයෝ - 12

http://www.lankadeepa.lk/index.php/articles/278158

 



අදහස් (0)

වීසා නැති සංචාරකයෝ - 13

බුද්ධි Thursday, 27 November 2014 08:50 AM

දැනුම බෙදාදුන්නට බොහොම ස්තුතී දායක වූ ඔබ සැමට ....! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site