(අංජුල මහික වීරරත්න)
වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
එම සමුළුව අගෝස්තු 12වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී තරුණ තරුණියන් 6000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවතද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වන විට රට පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002 කින් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක Youth club පිහිටුවා අවසන් බවත් ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලන සියල්ල පවත්වා අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Youth club පිහිටුවීම ආරම්භ කරන විට එතෙක් පිහිටුවා තිබූ තිබූ Youth club වලින් වැඩි ප්‍රමාණය අක්‍රිය මට්ටමේ පැවති බවත්, දිස්ත්‍රික් සම්මේලන 6ක් පවත්වා නොමැති තත්ත්වයක් පැවැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති,අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ මේ වන විට ජාතික සම්මේලනය සඳහා තේරී පත්ව සිටින තරුණ තරුණියන් 52 දෙනෙකු පුහුණු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වසර 32කට පසු ජාතික තරුණ සමුළුවක්
පන්සිළු Monday, 11 August 2025 12:16 PM
මාලිමාකරණය කරන්න. ඒ අන්තවාදය ඔඩුදුවනවා...
Bunny Preena Monday, 11 August 2025 02:59 PM
එහෙනම් වසර 32ක් තිස්සේ තරුණ සංගම්වල ඉඳලා තියෙන්නේ වැඩිහිටියෝද?