IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර 10ට හිටපු එල්ටීටීඊ 12186ක් පුනරුත්ථාපනය කරලා

(තරිඳු ජයවර්ධන)
 
එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් 12186ක් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයේ මැදිහත් වීමෙන් 2008 වසරේ සිට 2018 වසර දක්වා පුනරුත්ථාපනය කර තිබේ. ඒ අතර ළමා සොල්දාදුවන් ලෙස සිටි දරුවෝ 594 දෙනෙක් ද වෙති.
 
මේ බව අනාවරණය වූයේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයෙන් ලබාගත් තොරතුරු අනුවයග මෙම තොරතුරු ඉල්ලීමට අනුව තොරතුරු ලබා දීම මුල් අවස්ථාවේ දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය ප්‍රතික්ෂේප කළේයග ඊට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් කළ පසු එම කොමිසම නියෝග කළේ අදාල තොරතුරු ලබා දෙන ලෙසයි.
 
එම තොරතුරු ජාතික ආරක්ෂාව තර්ජනයක් බවත්ල පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වයට ද එය හානියක් බවත් විරෝධතා මතු කරමින් පුණරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය ප්‍රකාශ කළේයග එහෙත් අභියාචක පාර්ශ්වයෙන් පෙන්වා දුන්නේ ඉල්ලා ඇත්තේ සංඛ්‍යා ලේඛන බැවින් එයින් පුද්ගලිකත්වයට හානියක් නොවන බවයිග එමෙන්ම එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද පෙන්වා දුන්නේ.
 
එම තීරණය පිළිගත් කොමිසම ද ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය ගැන කතා කළත් කණ්ඩායමක පුද්ගලිකත්වය ගැන කාරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති බවයිග එමෙන්ම ඉල්ලා ඇති සංඛ්‍යා ලේඛන ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද තීරණය කළ තොරතුරු කොමිසම  අදාළ තොරතුරු මුදා හරින ලෙස නියෝග කළේය.
 
ඒ අනුව ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වනුයේ   හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තුන් දෙනකු මෙම වසරේදී පුණරුත්තාපනය කර ඇති බවයි. 
 
මේ වන විට පුනරුත්ථාපනය කර ඇති හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12186 අතුරින්  4156ක් වයස අවුරුදු 20ත් 29ත් අතර පසුවන තරුණ තරුණියෝ වෙතිග ඉන් 1084ක්  කාන්තාවෝය. 
 
වැඩිම එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනය කර මුදා හැර ඇත්තේ 2010 වසරේ දී යග එම සංඛ්‍යාව 5586කි.

මෙම සිද්ධියට අදාළව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා වාර්තාව පහත සම්බන්ධතාවයෙන්.

http://www.rticommission.lk/web/images/pdf/comm-order-tharindu-jayawardena-v-rehab-comm-sin.pdf

 



අදහස් (1)

වසර 10ට හිටපු එල්ටීටීඊ 12186ක් පුනරුත්ථාපනය කරලා

manoj Tuesday, 24 July 2018 09:55 AM

ඔබට ගොඩක් පින් මහින්ද මහත්තයා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site