IMG-LOGO

වාස්ගේ බිරියගේ ඇප ලිහිල් වෙයි

අවි ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී වාස් ගුණවර්ධන ගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කළේය.

ඒ අනුව සෑම සතියකම ඉරිදා දින රහස් පොලිසියේ පෙනී සිටීමට ඇයට නියම කර තිබූ අතර එම කොන්දේසිය සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ලිහිල් කැරිණි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, බිරිය ශ්‍යාමලී පෙරේරා, පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනකු අවි ප්‍රවාහනය සම්බන්ධ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අතර ශ්‍යාමලී පෙරේරා ඇප මත මුදා හරිනු ලැබ සිටී.

ඉන්දික බමුණුගේ, ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියංක සංජීව සහ කැළුම් රංග යන එම සිද්ධියේ අනෙක් සැකකරුවෝ බම්බලපිටි ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටිති.



අදහස් (0)

වාස්ගේ බිරියගේ ඇප ලිහිල් වෙයි

රණපාල Monday, 10 October 2016 12:21 PM

වාස් ට මෙච්චර නඩු පැටලුනේ කොහොමද? (ර)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 11 October 2016 12:27 AM

කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට පව් වැඩිවෙයි ගිනි සේ කියමන වැරදි නැහැ නේද නෝනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site