අජන්ත කුමාර අගලකඩ
රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළාක් මෙන්, ඔවුන්ට අයත් ආයතන හා විෂය පථයන් ගැසට් කර පත් කරන්නැයි හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එවිට කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ඇති වියහැකි ගැටුම් බොහෝ දුරට අවම කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර ,ඔවුන් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නැතැයි ද වාර්තා වේ
රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට යෝජනා වී ඇති අතර,එම පත්කිරීම් අතුරු අය වැය සම්මත කිරීමෙන් පසුව සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විෂයන් ගැසට් කරන්නැයි රාජ්‍ය ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලයි
කිරිඇල්ලේ නිළමේ Sunday, 28 August 2022 05:51 AM
රාජ්‍ය ඇමති තනතුරු සඳහා පමණක් නොවෙයි, මන්ත්‍රීලා සඳහාත් විෂයයන් ගැසට් කරනවා නම් හොඳයි. මොකද පසුගිය දිනක රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වාසුදේව රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම වැඩක් නොකළත්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්න විසඳීමට නිවාස අමාත්‍යාංශ කමිටුවක් ඉදිරියට ගොස් තිබුණා. එහෙම ක්‍රියාවන් ඡන්දය දුන්නු ජනතාවට කරන බලවත් අසාධාරණ වැඩ...!