( සිතුම් චතුරංග)
වවුනියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් වවුනියාව පම්පමඩුවේ අද විවෘත කළ විශ්ව විද්‍යාලය ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේ මාර්ග බාධක යොදා නතර කිරීමත් සමග අතුරුදහන්වූ ඥාතීන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්තාවක් ඇති තත්ත්වයක් වූහ.
විරෝධතාකරුවන් විශ්ව විද්‍යාලය අසලට යාම වළක්වාලමින් පොලිසිය හා යුද හමුදාව වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුර අසල මාර්ග බාදකයේදී රඳවා ගනු ලැබීය.
වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී යුද්ධය අවසානයේ සිය දරුවන් ඇතුළු ඥාතීන් අතුරුදහන්වූ බවත් ඔහු මේ සඳහා පිළිතුරු ලබාදිය යුතු බවත් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පවසා සිටියහ.
ආරක්ෂක අංශ හා පොලිසිය විරෝධතාකරුවන්ට ජනාධිපතිවරයා පැමිණ සිටින වවුනියාව පම්පමඩුව විශ්ව විද්‍යාලය ඉදිරිපිටට ගමන් කිරීමට නොදුන් අතර පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාකරුවෝ පම්පමඩුව යුද හමුදා කඳවුර අසල විරෝධතාවයේ නිරත වූහ.
ජනාධිපතිවරයා හමුවීමට දෙදෙනකුට පමණක් ලබාදීමට හැකි බවත් සියලු දෙනාට අදාල ස්ථානයට යෑමට ඉඩදිය නොහැකි බවත් වවුනියාව පොලිසියේ උසස් නිලධාරීන් හා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පැවසූවත් ඊට විරෝධතාකරුවන් එකඟතාවයක් කළ නොකළේය.
අනතුරුව විරෝධතාකරුවන් ඉවත් කිරීමද පොලිසිය කටයුතු කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වවුනියාවට ගිය ජනපතිට විරෝධයක්
චන්දන Friday, 11 February 2022 04:21 PM
ජිනීවා සැලසුම් හොඳින් යනවා. දෙමළ සංවිධාන නායකයින් හිඟන්නගේ තුවාලය වගේ මේවා පාරමින් ඉන්නවා...
අතුල සෞදි Friday, 11 February 2022 06:39 PM
දකුණේ ජේවීපි කරන එකමයි උතුරෙ ටී.එන්.ඒ එක කරන්නෙත්...!!!
Bamunuarachchi Friday, 11 February 2022 08:10 PM
ඔවුන් නුඹලාට සල්ලි එවන්නේ කොහේ ඉඳලාද කියලා අහන්න... අතුරුදහන් වුණු අය දෙමළ ත්‍රස්තයින්. 1971-1989 අපේ විශාල ගණනක් අතුරුදහන් වුණා. අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ ඔවුන් ජේවීපී ත්‍රස්තයින් නිසා...!!!
නන්දසේන ජී.ආර්.Saturday, 12 February 2022 07:03 AM
ඉතිහාසය නොදන්නා කෙනෙක්. හැමදාම තේරුමක් නැති කමෙන්ට් එකක් දානවා. කිසිම පදනමක් නැහැ. ඒ කාලේ ක්‍රියාත්මක වෙච්චි රාජ්‍ය ත්‍රස්තවාදය ගැන නුඹ දන්නේ නැද්ද?
DamyanSunday, 13 February 2022 02:37 PM
රාජ්‍ය ත්‍රස්තවාදය ඇති වුනේ ජේවීපී ත්‍රස්තවාදීන්ගේ මිනීමැරුම් වලට ප්‍රතිප්‍රහාර ලෙසයි...
වීරවිජේ Friday, 11 February 2022 09:19 PM
අපරාදෙ මේ අයව බේරගත්තේ.. ප්‍රභාකරන් ගිය තැනටම ගියානම් අතුරුදහන් වුණු අයව හොයාගන්න තිබ්බා...
Demuni Uduwara Friday, 11 February 2022 11:07 PM
අපේ පාලකයින් 1956දී ප්‍රභාකරන්ගේ ඉපදීමට වගකිව යුතුයි...
Vindaywin Saturday, 12 February 2022 09:30 AM
මොකක්ද හංගාගෙන මොකෙන්ද කරනවා වගේ රටක් පාලනය කරන්න බෑ බුම්මාගෙන වෛරී සහගතව සැකෙන් පණ්ඩිත හරක්ගේ උපදෙස්වලින් ඇනගන්නවා.. කරන්න පුලුවන් කෙනෙකුට දීලා තමන්ගේ මව්රටට යන්න හලෝ...!
Siri Saturday, 12 February 2022 11:03 AM
ඔවුන් සිංහල නම් ඔයාලා මොනවද කියන්නේ?
IshanSaturday, 12 February 2022 01:14 PM
(ඔවුන් සිංහල නම්) ඒ ජේවීපී කාරයින් කියලා බනිනවා.
ශින් Saturday, 12 February 2022 02:06 PM
කරන කලට පව් මිහිරිය මීසේ ...!
k.chandrasiri Saturday, 12 February 2022 03:26 PM
උත්තර නැති ප්‍රශ්ණ තියන තාක්කල් ඔය වගේ පිකටින් කාරයින්ට රැකියාව ස්ථිරයි. ඔතැන ඒ දෙමව්පියන් කවුරුත් නැහැ...
ඒඩ්රියන් Saturday, 12 February 2022 09:04 PM
අවසන් මොහොතේ හමුදා පාලන ප්‍රදේශ වලට පැමිණෙමින් සිටි ජනතාවට වෙඩි තැබුවේ LTTE යයි.
Anonymous Sunday, 13 February 2022 02:02 PM
ඒ කාලේ ප්‍රාණ ඇප කාරයින් මුදා නොගෙන lTTE එකේ අයටම මරලා දාන්න ඇරියා නම් අද මෙහෙම උද්ඝෝෂණ කරන්නේ නෑ... මොකෙක් වත් ඉතුරුවෙලා..
Damyan Sunday, 13 February 2022 02:34 PM
හමුදාව එක්ක වෙඩි තියාගෙන මැරුණාම ජනාධිපති පලිද?