වල්ලපට්ට කිලෝ විසිතුනක් ළඟ තබාගත් පුද්ගලයකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 3467050 දඩයක් නියම කළේය.
වල්ලපට්ට සම්බන්ධ නඩුවකදී මෙතරම් දඩයක් නියම වු පළමු වතාව මෙයයි.
රත්නපුර මල්වල කොස්කොලවත්තේ ඩී ජී කුමාර ප්‍රගීත්ට මේ දඩයට අමතරව වසර පහක සිර දඩුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවිණි.
මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවු පසු වරදකරු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවන ලෙසද නියෝග කළේය.
වල්ලපට්ටා තොගය රාජසන්තක කැරිණි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වල්ලපට්ට දඩය ලක්ෂ 34: ටික ටික ගෙවන්නත් ඉඩ
පිටබැද්දර ජයා Friday, 01 August 2014 09:07 AM
ඇත්තෙන්ම වටිනාකම වගේ තුන්ගුණයක් විතර දඩ ගැහුවනම් මේ හොරකම් හුඟක් නවතාගන්න තිබුනා (නදී)
ගාමිණී - සිරි Friday, 01 August 2014 10:47 AM
රාජ සන්තක කරන වල්ලා පට්ටා ටික ටික රට පටවනවාද ?දඩයේ හැටියට වටිනා කම් ඇති මෙම වස්තුව මහ භාණ්ඩා ගාරයට යවනවාද ? ගිනිතබා විනාශ කරනවාද ? (නදී)
චමින්ද Friday, 01 August 2014 06:31 AM
ඔය රාජසන්තක වෙන, වල්ලපට්ටා වලට මොකද වෙන්නේ දන්නේ නැහැ නේද. නිතියානුකුලව, ඒවා රට පටවනවද....? (නදී)
සෞදි නුවන් Friday, 01 August 2014 08:32 AM
දැන්නම් ඉතින් මිට වඩා වල්ලපට්ට විකුනන්න වෙනවා මේ දඩ මුදල ගෙවන්න. දිවා රෑ නොබලා කපාවි වල්ලපට්ට ඉතිරි ගස් ටික. (නදී)
නිමල් Friday, 01 August 2014 10:15 PM
දැන් ඉතින් ඕක ගෙවන්න තවත් වල්ලපට්ටා හොයන්න වෙයි. (නි)