IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වාලච්චේනෙන් අමුතු මාළුවෙක්

වාලච්චේන අසළ මුහුදේ දියඹේ දී දුර්ලභ වර්ගයේ මාළුවකු දැළකට අසුවූ බව ධීවරයෝ කියති.

අඩි හතරක් දිග කිලෝ 7.5ක් බර මේ මාළුවා වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට භාර දී ඇත.

මේ මාළුවා ගැඹුරු මුහුදේ ජීවත්වන ගොබ්ලින් ෂාර්ක් නමැති මෝර විශේෂයේ සත්ත්වයකු බව පරිසරවේදීහු පෙන්වා දෙති. අදින් වසර කෝටි 12.5ට පෙරාතුව පරිනාමය වීම නැවතී ඇති මේ සත්ත්වයා හඳුන්වන්නේ සජීවී පොසිලයක් ලෙසිනි.

මිට්සුකුරිනා ඔව්ස්ටොනි ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මේ වර්ගයේ වැඩුණු මත්ස්‍යයකු මීටර හතරක් පමණ දික්ව වැඩෙයි. විකාර රූපී මුඛය හා ඒ වටා පිහිටි ඉතා තියුණු දත් සමූහයත් හිස ඉදිරියෙන් ඇති අඟක් වැනි නෙරා යාමත් මාළුවාට බියකරු පෙනුමක් ගෙන එයි. ඉතා කෙටි වරල් සහිත මේ ගොබ්ලින් මෝරුන්ගේ සිරුර එතරම් ශක්තිමත් නැත.

මීටර 100ට වඩා ගැඹුරු මුහුදේ මේ සතුන් ජීවත්වෙයි. ඉතා කලාතුරකින් දැකිය හැකි මේ මසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සාගර කිහිපයක ජීවත්වන බව ජාත්‍යන්තර සංරක්ෂණ සංගමය කියයි.

fish01 fish02 

 07 08 09



අදහස් (0)

වාලච්චේනෙන් අමුතු මාළුවෙක්

ගුණතිලක Friday, 25 July 2014 04:32 AM

අපරාදේ මේ මාළුව නොමරා ගෙනවනන් කොච්චර වටිනවද? (අ)

:       0       0

ප්‍රසන්න Sunday, 27 July 2014 04:40 AM

මහජන දේපල කොල්ල කන පිරිස් මරණින් පසු අපායේ (නදී)

:       0       0

චාන්දනී Wednesday, 23 July 2014 03:38 AM

ලස්සනයි. (නි)

:       0       0

ජීවන් Thursday, 24 July 2014 01:44 PM

ආසියාවේ ආශ්චර්ය!! (නි)

:       0       0

මහාසේන Friday, 25 July 2014 03:11 PM

මේ මාළුවා ගැඹුරු මුහුදේ ජීවත්වන ගොබ්ලින් ෂාර්ක් නමැති මාළුවා බව ඉහත දක්වා ඇති අයුරු සම්පුර්නයෙන්ම නිවැරදිය (නදී)

:       0       0

දයාල් Wednesday, 23 July 2014 04:44 AM

අබුද්දස්ස කාලෙනේ! (නි)

:       0       0

ගීතා Wednesday, 23 July 2014 05:00 AM

මාළුවා මියගිය එක නම් ලොකු අපරාධයක්.පව්. (නි)

:       0       0

මුදිත Thursday, 24 July 2014 07:26 AM

අනේ මට නම් මොකෙක් උනත් කමක් නෑ. මට නෙමේනේ අහු උනේ. (නදී)

:       0       0

මහාසේන Wednesday, 23 July 2014 03:16 PM

ෂා... අපරදේ නොමැරී හිටියනම් දෙහිවල සත්තු වත්තට දෙන්න තිබුණා (නදී)

:       0       0

කෝසල Tuesday, 22 July 2014 11:36 AM

'ගොබ්ලින් ශාර්ක්' කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ඩයස් Tuesday, 22 July 2014 11:38 AM

මෙයයි විශ්වයේ චමත්කාරය.... (නි)

:       0       0

ශාන්ති Tuesday, 22 July 2014 11:41 AM

මෙයා 'ගොබ්ලින් මෝරෙක්' වද්ද? (නි)

:       0       0

ටිරෝන් Tuesday, 22 July 2014 11:54 AM

ගොඩබිමේ සිද්ධවෙන අමුතු දේවල් මදිවට දැන් මුහුදේත් අමුතු දේවල් සිද්ධවෙනවා (නි)

:       0       0

කැළුම් Tuesday, 22 July 2014 11:58 AM

අයියෝ මාළුවා! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 July 2014 05:28 AM

පවු ඌ මැරිලා නේද (නදී)

:       0       0

හැරිසන් Tuesday, 22 July 2014 12:03 PM

ඌව දකිනකොටත් මට නම් බය හිතෙනවා (නි)

:       0       0

තාරා Wednesday, 23 July 2014 05:38 AM

මේකත් ආශ්චර්යයේ පෙරනිමිත්තක්ද කොහෙද. (නි)

:       0       0

නවීන් Wednesday, 23 July 2014 04:38 PM

මේ මාළුවා ගැන හරියට දැනගන්නේ නැතිව යමක් කිව නොහැක (නදී)

:       0       0

එරංග Tuesday, 22 July 2014 12:28 PM

මෙයයි සසරක බියකරු බව.තථාගතයන් වහන්සේ දේශනාකර තිබෙනවා මහ මුහුද ඇසුරු කරමින් ජීවත්වෙන අප්‍රමාණ සත්වයන් ගැන. ආදී මහමුහුදේ ජීවත්වෙන නමුත් කවදාවත් සාමාන්‍ය මිනිසුන් නොදකින විවිධාකාර සත්වයන් ගැන සුත්‍ර දේශනාවල සදහන් වෙනවා (නි)

:       0       0

ලතිකා Tuesday, 22 July 2014 12:38 PM

පණපිටින් අල්ලා ගත්තා නම්... (නි)

:       0       0

චන්දිමා Wednesday, 23 July 2014 06:06 AM

මහා බියකරු මෝරෙක් (නි)

:       0       0

මුදිත Tuesday, 22 July 2014 12:48 PM

මටත් හිතෙන්නේ මෙයා ගොබ්ලින් ශාර්ක් කෙනෙක් තමයි. (නි)

:       0       0

ටිලාන් Tuesday, 22 July 2014 01:01 PM

මේ ගොබ්ලින් ශාර්ක් කෙනෙක්. වැඩිදුර විස්තර ඉන්ටර්නෙට් එකෙන්.(අ)

:       0       0

ප්‍රභාශ්වර Tuesday, 22 July 2014 01:05 PM

මේ මෝරා ගොබ්ලින් ශාක් කෙනෙක්.මේ සතා අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ල පරිනාමය වීම නවත්තපු මාලුවෙක්.මුන්ගෙ ගහනය අඩුවක් නැතිලු.එහෙත් ගැඹුරු මුහුදෙ ආගාධ වල ජීවත් වෙන නිසා සාමාන්‍යය ජනතාවට ධීවරයන්ට දැකීම දුර්ලභ දෙයක්.මේ සත්තු තම වාසස්ථාන වලින් එළියට එන්නෙ මුහුදෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් ඇතිවේගෙන එන නිසා වෙන්න පුලුවන්. (අ)

:       0       0

ජනක Tuesday, 22 July 2014 01:10 PM

මේ ගොබ්ලින් ශාර්ක් කෙනෙක්...ඉතා දුර්ලබ කාලෙකින් දකින්න පුළුවන් කෙනෙක් මෙයා..විශිෂ්ටයි.(අ).

:       0       0

රුවන් Tuesday, 22 July 2014 02:06 PM

මේ ගොබ්ලින් මෝරාට බෙහෙවින් සමාන ජීවියෙක් යැය් අනුමාන කල හැක. (අ)

:       0       0

තේජාන්විත Wednesday, 23 July 2014 07:11 AM

එරංග, ඔබේ කතාව හරියටම හරි. පරිණාමය කියන්නේ 100% සත්‍ය දේ නොවෙයි . ඒ බටහිර විද්‍යාවෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි. නමුත් නිරිසතුන් කියන්නේ මිනිසුන්ට හිතාගන්නවත් බැරි විරූපී අපා දුක් විදින සත්ව කොට්ඨාශයක්. (නි)

:       0       0

රූපවති Tuesday, 22 July 2014 02:50 PM

මේවැනි විරුපී මාළුන් ඇතිවෙන්නේ .අහිත කර විකිරණ ක්‍රියාකාරිත්වයන්ගේ බලපෑමෙන් ..?මෙම මාළුන් ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් ම හොදයි ..?මිනිසුන්ටද මෙම තත්වය බල පානු ඇත අනාගතයේදී ..!!! (අ)

:       0       0

අචිර Tuesday, 22 July 2014 02:56 PM

ඔයාලට පිස්සු මේ ගොබ්ලින්ග් මෝරෙක් නෙමෙඉයි. (අ)

:       0       0

කමල් Tuesday, 22 July 2014 03:49 PM

ශාර්ක් වර්ගයේ එකෙක්. (අ)

:       0       0

චන්ද්‍ර ගුප්ත Wednesday, 23 July 2014 08:16 AM

අයියෝ චන්ද්‍රසිරි, අපි දාමු මූදු චන්ද්‍රසිරි කියල (නදී)

:       0       0

මනු Tuesday, 22 July 2014 04:17 PM

හැමෝම එක එක බයිලා කතාකරනවා .මේ සත මරපු එක පෙන්නේ නැහැ.

:       0       0

සමන්ත Tuesday, 22 July 2014 04:22 PM

අනේ පව් මේ මාළුවා.මරන්නේ නැතුව ආපහු දාන්න තිබුණේ (නි)

:       0       0

සයිමන් Tuesday, 22 July 2014 04:31 PM

හරිම පුදුමාකාරයි (නි)

:       0       0

චමින්ද ප්‍රදීප් Tuesday, 22 July 2014 05:07 PM

මේ ගොබ්ලින් ශාර්ක් වර්ගයේ මාළුවෙක් නෙමෙයි.....ගොබ්ලින් මසුන්ගේ මුඛය පිහිටීමයි මේ මාළුවාගේ මුඛය පිහිටීමයි වෙනස්..!!මේ ගොබ්ලින් මත්සයෙකුගේ විකෘතියක් වෙන්න පුලුවන්...! (අ)

:       0       0

සලීත් Wednesday, 23 July 2014 09:09 AM

හැමෝම සත්ව විස්ලේෂකයෝ බයිලා ගහනවා (නදී)

:       0       0

උපුල් කුමාර Saturday, 26 July 2014 07:04 AM

මොකා උනත් දැන් මැරිලනේ (නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 22 July 2014 08:50 PM

මුහුදු භූතයා කියලා කියමුද? (නි)

:       0       0

ජෝන් Wednesday, 23 July 2014 11:27 AM

ඇයි මිනිස්සු සත්තු මරන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site