ඉතාලි වතිකානුවට අයත් කස්තෙල්ලෝ සාන්ත අන්ජලෝ පාලම මත එල්ලා තිබූ බැනරයකට වතිකාන පූජකවරුන්ගේ දැඩි විරෝධය එල්ල විය. ජෝසප් රට්සින්ගර් පාප්තුමන් හා ඊජිප්තුවේ ප‍්‍රධාන ඉස්ලාම් පූජක (ඉමාම්) අහමඞ් අල් තයිබ් පූජකතුමන් දෙතොල මත දෙතොල මත තබා සිප ගන්නා විශාල ඡායාරූපයක් එම බැනරයේ මුද්‍රණය කොට තිබිණි. ලෝක ප‍්‍රකට ඉතාලි සමාගමක් වන යුනයිටඞ් කලර් ඔෆ් බෙනටන් ආයතනය ඡායාරූප දෙකක් එක්කොට එම බැනරය සදා තිබිණි. වෛර නොකරමු යන තේමාව යටතේ තම සමාගම ප‍්‍රසිද්ධ කළ බැනරයට වතිකානුවෙන් මෙතරම් අප‍්‍රසාදයක් එල්ල වෙතියි අපේක්‍ෂා නොකළ බව සමාගමේ සභාපති ඇලෙක්සැන්ඩර් බෙනටන් පවසයි. පසුව බැනරය ඉවත් කැරිණි. වෛර නොකරමු යන තේමාව යටතේ මෙයට ප‍්‍රථම එම සමාගම විසින් ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා, චීනයේ ජනාධිපති හූ ජින් තා ඕ සමගත්, වැනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් සමගත් එවැනි ආකාරයට සිප වැළඳගත් බැනර යුරෝපය පුරා ප‍්‍රදර්ශනය කැර ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
”වෛර නොකරමු” බැනරය ගලවයි
කසුන් Friday, 18 November 2011 05:32 PM
හොදටම ගැලපෙන ජෝඩුව
නිමල් Friday, 18 November 2011 06:16 PM
ඇයි බැරි
ස්කින් හෙඩ්ස් Monday, 21 November 2011 07:50 AM
බින් ලාඩන් සමග ගත්ත එක කෝ?