IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට අනුකූලව අභිලාෂය ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. අයැදුම්කරුවන් 20 දෙනෙකු ඒ සඳහා සිය අභිලාශ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇති අතර 7 දෙනෙකු පූර්ව සුදුසුකම් සපුරා ඇත.

 ඒ අතුරින් ආයතන 5 ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ. තාක්ෂණික පිරිවිතර සපුරන ලද ආයතන 3 ක මූල්‍ය යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s. Dohwa Engineering Co. Ltd. වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site