
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද රූපලාවන්‍ය භාණ්ඩ තොගයකින් රුපියල් 574,425/=වටිනා භාණ්ඩ සොරකම් කළ වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ වරාය පොලිසිය කියයි.
ඉකුත් මස 07 වෙනිදින රූපලාවන්‍ය නිෂ්පාදන ආනයනය කර බෙදා හරින පෞද්ගලික ආයතනයක් මගින් 2025 11.07 වෙනිදින ඉන්දියාවේ සිට රූපලාවන්‍ය භාණ්ඩ තොගයක් අඩංගු පැලට් දෙකක් ආනයනය කර වරාය අධිකාරියේ බණ්ඩාරනායක ගුදම තුළ නාවික ගාස්තු හා රේගු ගාස්තු ගෙවා රේගු පරීක්ෂණයෙන් පසු නිදහස් කරන තෙක් ගබඩා කර තබා ඇතැයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ආනයනය කරන ලද භාණ්ඩ මුදා ගැනීමේ කටයුතු කිරීම සඳහා 2025 11 26; වෙනිදින ගුද මට ඇතුළු වූ වෙනත් ආයතනයක සැකකාර වාප්පු ලිපිකරු රූපලාවන්‍ය භාණ්ඩ තොගය එම පුද්ගලික ආයතනය ආනයනය කර තිබූ භාණ්ඩ තබා තිබූ ස්ථානයට ගොස් භාණ්ඩ අසුරා තිබූ කාඩ්බෝඩ් පෙට්ටි හතරක් කඩා විවෘත කර ඒ තුළ ඇසුරුම් කර තිබූ රූපලාවන්‍ය භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 04
499
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වරායේදී භාණ්ඩ ඉස්සූ වාප්පු ලිපිකරු මාට්ටු