IMG-LOGO

වෙරළාරක්ෂකයේ යාත්‍රා හතක් කොට උඩ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි විසි අටකට වැඩි වටිනා නෞකා ඇතුළු යාත්‍රා හතක් කාලයක සිට අක්‍රීයව පැවතුණත් ඒවා අලුත්වැඩියා කර සේවයේ යෙදවීමට කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර පසුගිය වර්ෂයේ අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගන්නා ලද ග්‍රෑම්203 ක්වූ තහනම් මත්ද්‍රව්‍යවල වටිනාකම තක්සේරු කිරීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බලකාය විසින් පරිත්‍යාග කෙරුණු රුපියල් දෙකෝටියකට වැඩි වටිනා යන්ත්‍රෝපකරණ මූල්‍ය නොවන වත්කම් යටතේ මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබුණු බව පවසන විගණන වාර්තාව එය හෙළිදරව් කිරීමටද කටයුතු කර නොතිබූ බව සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පරිත්‍යාග කෙරුණු නෞකාවක සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිත්‍යාග කර තිබූ යාත්‍රාවක දළ වටිනාකම හත් කෝටියක් ලෙස තක්සේරු කර තිබුණද එම වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අප එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද එය ව්‍යාර්ථ විය.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

 



අදහස් (1)

වෙරළාරක්ෂකයේ යාත්‍රා හතක් කොට උඩ

damayantha Thursday, 14 September 2023 12:13 PM

සංචාරක ව්‍යාපාරය සඳහා ධීවර වරායකට විදේශ රටක නිපදවපු බෝට්ටුවක් දාන්න හැදුවා. නවත්වලා තියන්න ඇමෙරිකාවේවත් අය කරන්නේ නැති ගාණක් ඉල්ලුවේ. එහෙමම වැඩේ නවත්වලා බෝට්ටුව මාලදිවයිනට වික්කා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site