IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස්

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා යෑමත්, හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ හමුදාපති ජනරාල් වකාර් උස් සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සාකච්ඡා පැවැත්වීමෙන් ද අනතුරුවය. 

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක් වී සිටි බව පැවැසෙයි. ෂෙයික් හසීනාගේ පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව හමුදාව පවසා තිබේ.



අදහස් (5)

විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස්

sam Tuesday, 06 August 2024 06:40 AM

මෙයාත් හිරේ ගියේ දූෂණ චෝදනා වලටයි

:       0       0

පිනා Tuesday, 06 August 2024 08:23 AM

දැක්ක ගමන් හිතුන ලෝක හෙරක් වෙන්න ඇති කියල ,බැලුවහම හරි , පවුල් පිටින් එකතු වෙලා මිනිසුන්ගේ සල්ලි හොරා කාපු පවුලක් , දැන් සමහරවිට බලය ආපහු ලබාගන්නත් හොරා කන්නත් චාන්ස් එකක් ලැබිලා

:       41       1

Lalla Tuesday, 06 August 2024 09:15 AM

බලයෙන් ඉදිමෙන අයට වෙන දේ. රාජපක්ෂ සනුහරේට වෙන්නේත් මේකයි... අනාගත රජ අංක දෙක...

:       36       8

අරුණ Tuesday, 06 August 2024 02:42 PM

නිවට සිංහලයෝ වර්ථමානයේ බලයේ නැති රාජපක්ෂ නමට අදටත් මෙච්චර බයනම් ඒ කාලයේ කොහොම බයක් තියෙන්න ඇද්ද?

:       4       49

අරුණ Tuesday, 06 August 2024 02:45 PM

අධිකරන තීන්ඳු අභිබවා නිකං හිතුමතේට නිසි ක්‍රමෝපායන් නැතුව මේ වගේ නිදහස් කරන්න පුලුවන්ද?

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site