අධිකරණයේ විනිසුරුවරුන්ගේ වැරදි සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් හෙළිදරව් කිරීමේ වරදක් නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.
රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ද අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අරගලයක් ගෙන ගිය බව ද, ඔහු පෙන්වූ කාරණ අසත්‍යක් වී නැති බව ද පරණවිතාන මහතා කීවේය.
ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන එන බවට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාව සම්බන්ධයෙන් ජනමාධ්‍ය දිගින් දිගටම කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය.
ප්‍රශ්නය - අධිකරණ ඇමැතිවරයා කිව්වා ලංකා ඊනිවුස් කතුවරයා ජාත්‍යන්තර වරෙන්තු මගින් ලංකාවට ගෙන්වන බව. ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස එය අනුමත කරනවාද?
(ගයන්ත ඇමැතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණි.)
ප්‍රශ්නය - අධිකරණ ඇමැතිවරයා කළ ප්‍රකාශය ඔබ දන්නේ නැද්ද?
ගයන්ත කරුණාතිලක - ඒ ගැන දන්නවා.
ප්‍රශ්නය - පරීක්ෂණයක් පවත්වන්නට පෙර කොහොමද අධිකරණ ඇමැතිවරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ?
කරු පරණවිතාන - මම ඒ ගැන කියන්නම්. එම වෙබ් අඩවියේ කතුවරයා ලංකාවේ පුරවැසියෙක් ද, වෙනත් රටක පුරවැසියෙක් ද එසේ නැතිනම් සරණාගතයකු ලෙස සිටිනවාද කියා අපි දන්නේ නෑ. ඔහුගේ මාධ්‍ය භාවිතයන ගැන ජනමාධ්‍යවේදියකු ලෙස එහෙම නීතියෙන් දඩුවම් කරන්න අපට අවශ්‍යතාවක් නෑ. එහෙම කරනවා නම් අපේ අමාත්‍යංශය මගින් යමක් කෙරෙන්න ඕනා. අපි එහෙම කරන්නේ නෑ. ඔහුගේ මාධය ආයතනයක් පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. අධිකරණ ඇමැතිවරයා කිව්වේ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස කරනවා කියලයි. මම නම් දැකලා නෑ එහෙම අපහාස කරනවා කියා. මා සමගත් අධිකරණ ඇමැතිවරයා කිව්වා මහේස්ත්‍රාත්වරුන් තමන්ට පැමිණිලි කරන බව.
ප්‍රශ්නය - පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව කොහොමද එහෙම කටයුතු කරන්නේ?
පිළිතුර - පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව එහෙම කරන්න බෑ. අදිකරණ ඇමැතිවරයා කිව්වේ අපහාස කිරීම ගැන සහ මහේස්ත්‍රාත්වරුන්ට පෞද්ගලිකව පහර දෙනවා කියලයි.
ප්‍රශ්නය - හොර අලි ප්‍රශ්නයට මහේස්ත්‍රාත්වරයකු අත්අඩංගුවට ගත් විට ගම්පහ මහේස්ත්‍රාත්වරියක සිය ෆේස්බුක් පිටුවේ නීතිපතිවරයා විවේචනය කරමින් සටහනක් යෙදා තිබුණු බව වෙබ් අඩවි වාර්තා කළා. මෙය අපිත් දැක්කා. මේවා වාර්තා කරන එක වැරදිද?
පිළිතුර - වරදක් වාර්තා කිරීම හෙළිදරව් කිරීම ප්‍රශ්නයක් නෑ. නමුත් අධිකරණ අමැතිවරයා කියා තිබුණේ පෞද්ගලිකව මඩ ගසන බවට විනිසුරුවරුන් පැමිණිලි කරන බවයි.
ප්‍රශ්නය - මේ කියන වෙබ් අඩවිය සහ තවත් මාධ්‍ය ආයතන පසුගිය රජය සමයේ ගිනි තිබ්බා. මාධ්‍යවේදීන් ඝාතනය වුණා. නමුත් තවමත් පරීක්ෂණ සිදු වෙන්නේ මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ඝාත්න සම්බන්ධයෙන් පමණයි?
ගයන්ත කරුණාතිලක - සමහර පරීක්ෂණ වාර්තා නැති කරලා. මේ හැම දෙයක් ගැනම හොයනවා.
ප්‍රශ්නය - රටේ අගමැති ජනාධිපති පවා මාධ්‍යවලට ප්‍රසිද්ධියේ දොස් කියනවා. ලංකාවේ ප්‍රධාන මාධ්‍යයකට ටොයිලට් පේපර් කිව්වා. මේවට මොකද කියන්නේ?
පිළිතුර - අපි මාධ්‍ය මාර්දනය කරන්නේ නෑ. ජනමාධ්‍ය විවේචනය කරන්නත් ඕනෑම කෙනෙකුට පුළුවන්.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘
ජයලත් Thursday, 24 November 2016 01:29 AM
ලෝකේ කොහෙවත් අපක්ෂපාත මාධ්‍ය නැහැ හැම මාධ්‍යයකටම තමන්ගේ කියල න්‍යාය පත්‍රයක් තියනවා මේක ඇතුලේ අපක්ෂපාතව (පුළුවන් තරම් ) ක්‍රියා කරන එකයි මාධ්‍යයේ වගකීම කව්රුත් බලයට එන්නේ මාධ්‍යවල වාරුවෙන් එහෙම ඇවිත් එයාලගේ වැරදි පෙන්නනකොට මාධ්‍ය හොඳ නෑ. මේක හැමදාම වුන දෙයක් සමහරු පත්තර සීල් තිබ්බේ (බ)
චානක ලොස් ඇන්ජලිස් Wednesday, 23 November 2016 03:26 PM
මම බය නැතුව කියනවා රටේ ප්‍රබලයන් කරන දුෂණයන් හෙළිවෙන්නේ ඊනිවුස් එකෙන්. ඔවුන් අභියෝග කරනවා ඔවුන් පළකරන එම දුෂණයන් බොරුනම් ඉදිරියට එන්න කියා. කව්ද එහෙම ආ කෙනෙක් ??? (නි)