IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග

(යොහාන් භාසුර)

ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාරීහූ අද (20) පස්වරුවේ තීරණය කළහ.

ඒ අනුව අලි අනතුරු බහුල එම පෙදෙසේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීම, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම,  මෙය විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් සෘජුවම සහභාගී කරවාගැනීම, දුම්රියවල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමට සළකා බැලීම යන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.

මෙම සුවිශේෂ සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ පරාසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් යන මහත්වරු ද පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරු ද උක්ත සියලු ආයතන වල ප්‍රධාන නිලධාරීවරු ද සහභාගී වුහ.



අදහස් (5)

වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග

P.D goonawardene Friday, 21 February 2025 08:51 AM

ඔය කෝච්චි වැඩකටම නෑ....පාඩු ලබ ලබ අහිංසක සත්තු යටකරන මර උගුල්....ඕවට වඩා හොදයි පාරේ දුවන ලංගම බස්....

:       3       9

Anura Friday, 21 February 2025 09:38 AM

ඔය ටික කරන්න මෙච්චර කල් ගත්තේ මොකද? ඇයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ඕක කරන්න මහ ලොකු බජට් එකක් ඕනෑද? සත්තු කී දෙනෙක් නම් නිරපරාදේ මරා දැම්මාද පහුගිය අවුරුද්ද ඇතුළත?

:       0       3

lpvdesilva Friday, 21 February 2025 09:48 AM

මේ කාරණය සදහා අවශ්‍යව අරමුදල් ලෝක වන සත්ව අරමුදල (WWF=World Wildlife Fund) මගින් ලබාගන්න පුළුවන්ද යන කාරණය පිලිබඳ සොයා බලන ලෙස ඉහළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි. යම් හෙයකින් අරමුදල් සපයා ගත නොහැකි වුවද තාක්ෂනික සහය සහ උපදේශ සේවා ලබාගනීම පුළුවනි .මෙ වන අලි ගෙටලුව කලමානාකරනය සදහා රාජ්‍ය මට්ට්මින් උපදෙස් ලබාගන්නට හැකිය.

:       0       3

Pradeep Kumara Friday, 21 February 2025 09:50 AM

මාර්ගය පෙනෙන ලෙස ගස් කපා දැමීම තවත් පාරිසරික ගැටළුවක්. සාමාන්‍යයෙන් වන අලින් පාර මාරු වීමට තෝරා ගන්නේ එක් නිශ්චිත ස්ථානයක්. මෙවැනි ස්ථාන අලි මංකඩ ලෙසින් හැඳින් වෙනවා. වෙනත් රටවල් වල නම් කර ඇත්තේ මෙවැනි ස්ථාන වලින් වන සතුන්ට පාර මාරු වීමට දුම්.රිය මාර්ගයට ඉහලින් හෝ මාර්ගය යටින් ප්‍රවේශයක් සෑදීමයි. වඩාත් ඵල දායක වන්නේත් එයයි. අන්තර්ජාලය පිරික්සුවොත් එම ආකාර මොනවාද කියා හොඳටම බලා ගන්න පුළුවන්. බංග්ලාදේශයේ පවා මේ ක්‍රමය ක්‍රියාත්මකයි.

:       0       4

පිස්සා Friday, 21 February 2025 10:37 AM

කෝච්චි වැඩක් නෑ කියල කියන්නේ මේ රටේ විශාලම ප්‍රවාහනය බව නොදන්නා මෝඩයෝ ඉන්න රටේ නිසා ගන්න ක්‍රියාවලිය මේ වගේ හරක් ගෙන් උපදෙස් අරං කරන්න.එතකොට gps හෝ sensor යොදා කෝච්චි ධාවනය කරන්වා වගේ නවීකරණය වැඩක් නෑ .රේඩාර් උපයෝගී කරන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site