
(යොහාන් භාසුර)
විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල්වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලුව ආදියට මෙහිදී විරෝධය දැක්වීය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වැඩිකරන්නලු , පාසල් උපකරණ මිල අඩුකරන්නලු , දෙමාපියන්ගෙන් පහසුකම් සේවා ගාස්තු අයකරන්න එපාලු . මෙයාල විදුහල්පති වරුලු නේද? ඒ ගමන්ම කියලදුන්න නම් ඕවට සල්ලි හොයාගන්න විදිහ. මේ ඔක්කොම වර්ජන මෙහෙයවන්නේ එකම තැනකින් බව හරි පැහැදිලියි . ඔය අතේ තියෙන බෝඩ් වලින් එක පේනවනේ. අනේ අයි ඔයාල වාහන පහසුකම් එහෙමත් ඉල්ලන්නකෝෙ.එතකොටනේ ඕක සම්පුර්ණ වෙන්නේ .