
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැමබර් මස කළ යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය හෙට (14) පෙරවරුවේ ගන්නා බවත් එම තීරණය හෙට පස්වරුවේ ජනතාවට නිවේදනය කරන බවත් එම කොමිෂමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (13) පැවසීය.
විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇති සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීම ඒ ආකාරයෙන්ම ලැබෙනවාද නැද්ද අවසන් තීරණය අද පෙරවරුවේ ගන්නා බව කී එම නිලධාරියා එම ගාස්තු ඉහළ දැමීම සියයට 6.8 කට වඩා අඩුවීමට බොහෝ දුරටත් ඉඩ ඇති බව ද සඳහන් කළේය.
මෙම ගාස්තු සංශෝධනයේදී විදුලිබල පනතට සහ විදුලි ගාස්තු මිල සූත්‍රයට අනුව කටයුතු කරන බව කී එම නිලධාරියා ඒ අනුව විදුලිබල මණ්ඩලය අවසන් වශයෙන් කළ යෝජනාවේ වියදම් ඇස්තමේන්තු කීපයක් පිළිබඳව තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ යෝජනාවලිය කරුණු 8 ක් යටතේ මේ වන විට අධ්‍යනය අවසන් කර ඇති අතර එහිදී විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති විදුලි ජනන වියදම, ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ වියදම, බෙදාහැරීමේ වියදම සහ ණය ගෙවීමට විදුලි ගාස්තුවලින් අරමුදල් සපයාගැනීම යන කරුණු පිළිබඳව අවදානය යොමුකළ බවත් එහිදී ඉන්ධන බලාගාරවලින් විදුලි වැඩිවශයෙන් මිලදීගැනීමට සහ පැරණි ණය ගෙවීමට විදුලි ගාස්තුව ඉහළ දැමීමට කර ඇති යෝජනා සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කළ බවත් එම නිලධාරියා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ඉංජිනේරු වසන්ත එදිරිසූරිය මහතා මහජන උපයෝගීතා කොමිසම වෙත සැප්තැම්බර් මස යොමු කර යෝජනාවලියෙන් මෙම මස (ඔක්තෝබර්) සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ඇස්තමේන්තු කර ඇති හිඟය මඟ හැරීම සඳහා බව පවසමින් මෙලෙස ගාස්තු වැඩි වීමක් ඉල්ලා තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රුපියල් මිලියන 17,694 ක් හෙවත් රුපියල් කෝටි 1,769 ක පමණ හිඟයක් ඇස්තමේන්තු කර ඇති අතර එය පියවාගැනීමට සියයට 6.8 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය යැයි විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර තිබේ.
2025 නොවැම්බර් මස 21
328
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
357
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1293
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විදුලි බිල වැඩි වෙනවාද - නැද්ද තීරණය හෙට
සෝම්බී වැසියා Monday, 13 October 2025 05:34 PM
99% වැඩිවෙනවා,, 0.9 අඩුවෙනවා,, 0.1 වෙනසක් නෑ.
මැක්ස් Monday, 13 October 2025 05:55 PM
විදුලි බිල වැඩි වනු ඇත. ආණ්ඩුවේ ලොක්කෝත් සොක්කෝත් එය සාධාරණීකරණය කරනු ඇත. සේදුම් බලකාය එය පුනරුච්ඡාරනය කරනු ඇත. පොදු ජනතාව වන අප කබලෙන් ලිපටත්, එතැනින් බිමටත් වැටී අසරණව ඉන්නවා ඇත. විපක්ෂ නායකතුමන්ලා ද අප දෙස දැන් බලන්නේ තොපි දුන්නා නම් තොපි ම විඳවනු වැනි ආකල්පයකිනි. අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ. අපට?
DDR Monday, 13 October 2025 07:39 PM
උපයයොගීතා කොමිසම අපෙන් අහන්න දෙයක් නෑ.ජනතාව වෙනුවෙන් තීරණ ගන්න. මෙය විසුරුවා හැරිය යුතුය. බොරු කරන්න ජනතාව ගෙවිය යුතුද. විද්වතුන් විදුලි බිල වැඩි බව පෙන්වද්දි ටිකක් සාකච්ඡා කර බිල වැඩි කරයි. මොකටද මහජන අදහස් විමසන්න.
Wijepala Monday, 13 October 2025 07:51 PM
අන්වාර්‍යයෙන් පසුගිය මැතිවරන කාලයේ දුන්නු පොරොන්දුව ඒ ආකාරයෙන්ම හෙට ඉටුවේවි කියල විශ්වාසයි