
(රන්ජන් කස්තුරි සහ නිමල කොඩිතුවක්කු)
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ගැටලු ඇතුලු ඉල්ලිම් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් රට පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (2) දිනයේත් දීපව්‍යාප්ත වර්ජනයක නිරත රෝගී සත්කාර සේවා බිද වැටී තිබිණ.
ස්ථානමාරු ක්‍රියාවලියට සෞඛ්‍ය අමාත්‍යවරයා අනීතිකව මැදිහත් වී ඇති බවත් ඊට රජයේ වෛද්‍ය නිලදාරින්ගේ සංගමය දැඩි විරෝධය පල කරමින් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේය.
කොළඹ ගාල්ල සහ මහනුවර ජාතික රෝහල් ඇතුළු රට පුරා සියලුම මහ රෝහල් පර්යන්ත රෝහල් වෛද්‍ය ආයතනවල රෝගී සත්කාර සේවා ඊයේ බිඳ වැටී තිබූ අතර දහස් ගණන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වුහ.
දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට ප්‍රතිකාර සහ සායනික කටයුතු සඳහා රජයේ රෝහල්වලට පැමිණි රෝගීන්ට හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුවූ අතර ඇතැම් රෝගීන්ට පැය ගණන් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවූ බවද බවද වා ර් තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වෛද්‍ය නිලධාරින් අනවශ්‍ය විධියට පරිපාලනයට බලපෑම් ඇතිකරනවා. ඔවුන්ට අවශ්යවිධියට පරිපාලනය කලයුතුයි කියල මානසිකත්වයක් හදාගෙන ඒ මත කටයුතු කරනවා. දේශපාලනිකව, මේ රජයට විරුද්ධවයි හැසිරෙන්නේ. දික්වා සුළි කුණාටුවට කම් කරුවෝ පවා රජයට ආධාර කළා. හැබැයි GMOA එක සතපහකින් ආධාර කලේ නැහැ.
පුවත්පත්වල මෙම තොරතුරු දක්වන ගමන් වෛද්‍යවරුන්ගේ අසාධාරණ ක්‍රියා ගැන ජනතාව දැනුවත් කළ යුතුයි... එයයි පුවත්පතක කාර්ය...