(යොහාන් භාසුර)
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ද සමග රෙහාන් ජයවික්‍රම හා තවත්ම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ කොටුව ජනාධිපති නිල නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන ආණ්ඩුව ලොවටම ප්‍රදර්ශණය කර ඇත්තේ ජනතා හඬට මුහුණදීගත නොහැකිව පළකරමින් තිබෙන භීතියේ තරම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින්නන් කෙරෙහි ආණ්ඩුව දක්වමින් සිටින වෛරයේ ප්‍රමාණය ද ඒ තුළින් මැනවින් ප්‍රදර්ශනය කරන බවත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නිදහසට දක්වන අකමැත්ත ද ඉන් ප්‍රදර්ශනය කරන බව එම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එම සිදුවීම තරයේ හෙළා දකින බවත් ජනතාව මුහුණ දී සිටින දැවැන්ත පීඩනය හමුවේ නිහඩව නොසිටින බව රජය තේරුම්ගත යුතු බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
‘‘වත්මන් ආණ්ඩුවට ජනතා හඬට මුහුණ දෙන්න බෑ‘‘
Chandima Friday, 08 July 2022 04:17 PM
ගෝඨා ගියොත් රනිල් ඉබේම ජනාධීපති... හිරුණිකා ඒක කරගන්නයි හදන්නේ...!
chandimaFriday, 08 July 2022 11:16 PM
හිරුණිකා බයවෙන්න එපා කෑගහන්න. මේ රට ජපානය වගේ වෙන්නේ නැහැ. මළත් දිගටම ජනාධිපති. පැරදුණත් දිගටම අගමැති. මැරුණට බය වෙන්න එපා. ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ මහජන නියෝජිතයෝ කරනවා. මහජනයා කැමැති වුණත්, නැතත්?
sharm warn Friday, 08 July 2022 04:27 PM
ජනතා හඩට විතරක් නම් මොකද.. අඩු ගානෙ ගෑනියෙකුට මුහුන දෙන්න වත් ශක්තියක් නැහැ.. පඹයෙක් කියන්නෙ නිකන් ද.
වන්-ෂොට් Friday, 08 July 2022 04:36 PM
හිරුණිකා..... ඔබ ප්‍රමාණය ඉක්මවා යන්න එපා.... පේනවා නේද ජපානයේ සිදුවීම... කවුද හිතුවෙ!
ජුනයිඩ් නානා Friday, 08 July 2022 04:53 PM
කුණුගොඩට විසි වුණු කරුවල ජයසූරිය හිතනවද දන්නේ නෑ අරගල් කරුවන් කියන්නේ උන්දැට කියලා....
Prabath Friday, 08 July 2022 05:04 PM
උඹලගෙ වියාපාර ඔක්කොම ත්‍රස්තවදී කන්ඩායම් වල නැත්නම් NGO කාරයන් ගෙ අතකොලු. උඹල ට අැහුන් කන් දෙන්න රජයන් පිහිටුවන්නෙ නැහැ. ජනතාවට අැහුන් කන් දෙන්න හින්ඩ තමයි මෙ ගොඩගන්න හදන්නෙ. ගොඩ ගන්න දෙන්නෙ නැත්තෙ උම්බල. උඹල තමයි ජනතා දෝරොරහියො. LTTE එක අාවනම් තොපිලට හරි හොන්ඩයි නේද.
suruwan Friday, 08 July 2022 05:28 PM
එක් කාලයක සාධාරණ සමාජයක් හදපු හැටි අපි දැක්කා. යහපාලනය, සාධාරණ සමාජය, ප්‍රජාතන්ත්‍රවාදය උලුප්පන අය ලඟම තමයි ඒවා පොඩ්ඩක්වත් නැත්තේ. කිරිකලයට, ගොම දාන්නේ නැතුව හිටියා නම් තමයි වඩාත් හොඳ...!
මැක්ස් Saturday, 09 July 2022 08:38 AM
මෙවැනි මුග්ධ ප්‍රකාශ මඟින් පෙන්වන්නේ සාධාරණ සමාජයේ තරමය. "ජනාධිපති කාර්යාලය ඇතුළට ගියා නම් මට ජනාධිපති බෙල්ලෙන් අල්ලා එළියට දැමීමට තිබුණා" වැනි අර්ථ දැක්වෙන ප්‍රකාශ කරන අයකු නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීම ගැන කිඹුල් කඳුලු හෙලන මේ අමුතු සාධාරණ සමාජය මාදුළුවාවේ හිමියන්ටද නිග්‍රහයකි.