වතිකානු ජාතිකයෝ මෙවර කර්නවාලි උත්සවය අති උත්කර්ෂවත් අයුරින් සැමරූහ.
මෙම සම්ප්‍රදායික උත්සවය සැමරීම සඳහා වතිකානුවට පැමිණි ලක්ෂයකට අධික ජනතාව ඉතා අලංකාරවත් ලෙස ඔවුන්ගේ ඉපැරණි සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් ඇඳ පැළඳ වීථී සංචාරය කළහ.
මෙහි ප්‍රධාන උත්සවය පසුගිය සතියේ වැනීසියේ සැමරීමත් සමග ඉතාලියේ ප්‍රධාන නගර කිහිපයකම කර්නවාලි උත්සව සමය ඇරඹින.
බොහෝ පිරිස් ග්‍රීක් ඉතිහාසයේ විවිධ චරිත නිරූපනය කරමින්ද, කෝලම් නැටුම් නටමින්ද විනෝද වුහ.
සීත කාලය අවසන් වීමත් සමගම ඉතාලි වැසියෝ ඔවුන්ගේ ගොවිතැන් කටයුතු ඇරඹීමට පෙර කර්ණමාලි සමරන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතිකානුවේ එදා සිරිත් බලන්න හරි ලස්සනයි
ශිරෝමි Saturday, 01 March 2014 11:18 PM
මෙහෙම හරි දැකගන්න ලැබුන එකට ස්තුතියි. මෙම උත්සවය ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවා නම් අදහස් දාන්න. ඒ වගේම ඉතාලියේ කොලෝසියම් එක ගැනත් සන් මැරීනෝ රාජ්‍ය ගැනත් විස්තර දැනගන්න කැමතියි. දන්නා අය අදහස් දමන්න.
ඇන්ටන් Sunday, 02 March 2014 02:04 AM
ඇයි සිරෝමි ඉන්ටර් නෙට් එකෙන් සන් මැරීනෝ ,කොලොසියම්. ඕන එකක නම ගහපු ගමන් සේරම විස්තර දැන ගන්න පුලුවනිනේ.(නදී)
ලක්මාල් Sunday, 02 March 2014 02:10 AM
සන් මරිනෝ කියන්නේ ඉතාලියේ තියන වෙනම පොඩි රාජ්ජයක් ඒක පාලනය කරන්නේ ප්‍රංසෙන්. සන් මරිනෝ වල තියෙන්නේ වෙනම නීතියක් පාලනයක්. ඩියුටි ප්‍රී ආයුද තියනවා. අඩු ගානට කඩු වෙපන් ගන්ඩ ඉතාලියේ පොලිසියෙන් ලියුමක් ඕනා. සන් මරිනෝ උඩටම ගිහාම මුළු පළාතම පේනවා රිමිනි මුළු සිටි එකම පේනවා.(නදී)
නිහාන් Sunday, 02 March 2014 03:34 AM
කර්ණවාලේ උත්සවය ගැන තවත් ලිපියක් ඇති ලින්ක් එකක් http://sithtv.com/index.php/sample-sites-2/2013-05-14-19-54-05/1483-කිළිටි-බ්‍රහස්පතින්දා.(නදී)
අශාන් Sunday, 02 March 2014 07:20 AM
හරි වචනය කර්නෙවාලෙ
සත්‍යයා Sunday, 02 March 2014 07:21 AM
වතිකානුව කලාතුරකින් ඉතිහාසයේ දුකින් හිටියේ. මුළු ලෝකයෙන්ම ගලා එන මුදල් සම්භාරයට කවුරු හරි තක්කඩි කමක් කරන්න හදපු වෙලාවක හැර වතිකානු රාජ්‍යය යනු මිහිපිට සුර පුරක්. මනුෂ්‍යය වේශයෙන් එහි සැරි සරන්නෝ දේව දුතයෝම වෙත්. දුක කියන්නේ කුමක්ද කියා වතිකානුව දැන ගන්නවට දෙවියන් වහන්සේ කැමති උනේ නැහැ. (නදී)
සම්පත් ප්‍රියංකර Sunday, 02 March 2014 10:25 AM
තරුණ පිරිස්වල සහභාගිත්වය අඩු බවක් පේනවා.(නදී)
කුමාරි Sunday, 02 March 2014 12:56 PM
සයිප්‍රසයේ කර්නවාලි උත්සවය අදට යෙදී තියනවා. මම දන්නා තරමින් මේ අය මේ සමරන්නේ ජෙසුස්වහන්සේ වෙස් වලාගන සැගවී හිටි සමයයි. හෙට සිට මස් මාංශ වලින් වැලකි සිටින අතර වැඩි පුර පලා වර්ගයන් පමණක් ආහාරයට ගනිමින් ;පාස්කුව; [ක්‍රිස්තුස්වාහන්සේට කුරුසයේ තබා ඇන ගැසූ දින] වෙනතුරු සිටින අතර එය අප්‍රියෙල් මාසයේ යෙදී තිබෙනවා.(නදී)
පැනමා Sunday, 02 March 2014 08:31 PM
මම හිතුවේ සන් මරීනෝ, කර්නවාලි, රෝමියෝ ජුලියට්, වතිකානුව ගැන දන්න ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ සිංහලෙන් විස්තර දායි කියලා අපිට බලන්න. (නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 02 March 2014 09:36 PM
අද ,මාර්තු දෙක.සයිප්‍රසයේත් කර්නාවලී උත්සවය. ඉස්සර..ඉස්සර හොඳයි..දැන් දැන් අලුත් පරම් පරාවෙන් විකාර ඉදිරි පත් කරනවා වැඩ්යි. සමහර අය අපිට පස්ස,හෙළුවැල්ල පෙන්වලා විනෝදෙන් යනවා. (නදී)