
(කේ. බුද්ධික කුමාරසිරි)
දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවලින් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කරන ලද පාසල් සිසුන් අතුරින් පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරට අනුබද්ධිත තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ සිටින දරුවන් පස්දෙනකු මෙවර අධ්‍යාපන පොදු සහතිකපත් විභාගයට පෙනී සිටින බව එහි පාලනාධිකාරිය පවසයි.
බන්ධනාගාර ගත වූ පාසල් සිසුන් සඳහාම වෙන් වූ එකම පාසල වන වටරැක සුනීත විද්‍යාලයෙහි පිහිටි විභාග මධ්‍යස්ථානයට බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය මැද සිසුන් පැමිණියහ.
එමෙන්ම අද(17) දිවයින පුරා මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
එහි පාසල් අයදුම්කරුවන් 398,182 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965 දෙනෙකු විභාගය සඳහා අයදුම්කර ඇති බව ද සඳහන් කරයි.

( බිමල් ශ්‍යාමන් -බණ්ඩාරගම)

(රංජිත් රාජපක්ෂ -හැටන්)
COMMENTS
ඡායාරුප දමා ඔවුන් අසහනයට පත් කිරීම වරදක්. පින්තුරයට බන්ධනාගාර නිලධාරිනුත් පෙනීසිටිනවා චන්ඩි වගේ. යහපත් අධ්‍යාපනයක් ලබා ඔවුන් සාර්ථක ජීවිත ගතකරන්න යාමේදී , මෙහෙම ප්‍රසිද්ධ කිරීම මානසිකව බලපෑම් ඇති කරන්න පුළුවන්.
මේ අයත් දැයේ දරුවෝ. කොතනක හෝ වැරැද්දකින් මේ දරුවන් නොමගට ගිහින් තියෙන්නේ. ඔවුන් සැමට බුදු සරණින් විභාග ජයත් ජීවිත ජයත් ලැබේවා...!