
(සුජිත් හේවාජුලිගේ)
විගණකාධිපතිවරය්කු පත් නොකිරීම හේතුවෙන් රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.
මීට අමතරව 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේද අවදානමක් මතුව ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
එම වාර්තාව ලබන මැයි මස 31 ට පෙර නිකුත් කළ යුතුවේ.
විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් එම වාර්තා පදනම් කරගෙන විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝපා කමිටුව කටයුතු මුළුමනින්ම නැවතී ඇත.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම කමිටු දෙක ක්‍රියාත්මක වීමට නම් විගණකාධිපතිවරයෙකු සිටිය යුතු බව සඳහන්වේ.
ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතුද අඩාල වීම හේතුවෙන් මෙම කටයුතු ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරනු ලැබ ඇතැයි වාර්තාවේ.
විගණකාධිපතිවරයකු නැතිවීමෙන් විශාල අර්බුද ගණනාවක් පැන නැගී ඇති හෙයින් වහාම එම තනතුර පිරවීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තනතුර ආවරණය කිරීමට රාජකාරිය පැවරිලා තියෙන කෙනා උණබම්බු කපන්න ගිහිල්ලද ...
දුක් වෙන්න දෙයක් නෑ. ඒක ඉක්මණින් විසදේවි..
තනිකර වගකියන්න ඕනේ..., රට බංකොලොත් කරලා, රටේ මිනිස්සු හිඟමනට දාලා දැන් විගණකාධිපති පත්කරන්න නොදෙන විපක්ෂය. රජය පත් කරන්න හදන සුදුසුකම් තියෙන පුද්ගලයා අනුමත නොකර ඉන්නේ විපක්ෂය...
පත්කරන එක්කෙනාට අනුමැතිය දෙන්නේ නෑනේ. කරුණාකර සුදුසු කෙනෙක් පත් කරන්න. ඔය වගේ තියෙනවා නේද ජේසර්තාලේඛනය කියලා දෙයක්. ඒක අනුව පත් කරන්න අහසින් උඩින් පාත් කරන්න එපා...
දැන් මේක හරි වැඩක් නේ. අපි හොරු අල්ලන්න මාලිමාව පත් කළා. දැන් හොරු අල්ලන වැඩේ මුල් කටයුතු කරන්න ඕනෙ කෙනාව පත් කරන්න ඕනෙ... ඒ හොරුන්ට ඕන විදිහටද? මෙව්ව අපේ රටට ගැලපෙන්නෙ නැති යුරෝපීය විහිලු. නීතිය වෙනස් කරල හරි ජනාධිපති තුමාට ඔනෙ කෙනාව පත්කරගෙන මෙන්න මේ ගේම් ගහන සෙට් එකට ඉක්මනට නීතිය ක්‍රියාත්මක කරන්න. අපි 2/3 දුන්නේ පිස්සු කෙලින්න නෙමෙයි වගේම බම්බු ගහන්නත් නෙමෙයි...
විපක්ෂය නම් කියයි. අපේ ගරු ඇමැතිලා හාල්, ගලගුරු තෙල් වලින් ගහපුවා හොයන්න පටන් ගත්තොත් විගණකාධිපති. මල කෙලියයිනේ...
ඔර්ඩර් කරේ සිංහයෙක්... ඩිලිවර් කරේ නරියෙක්.
කොහොම හරි ඉතින් දූශිත ජෙප්පෙක්ව විගණකාධිපති විදියට දා ගන්නම වෙනවා. නැත්තන් පැලවත්තට ගියපු කොමිස්, හොර මගඩි ටික එළිවෙනවා. එහෙම වුණොත් ආණ්ඩුවේ ඉතුරු වෙලා තියෙන රෙද්දත් ගැලවෙනවා...