IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝක රූ රැජින කිරුළ දිනූ ලාබාල ශ්‍රී ලාංකික දියණිය කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය එම තරගාවලියේ ජයග්‍රාහී කිරුළ  දිනාගෙන අද(26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා ය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.

ඇන්ජලා විමලසූරිය කොළඹ , හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ  04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .

ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන 01/26 දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

ඇය පිළිගැනීමට ඇයගේ පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 



අදහස් (14)

ලෝක රූ රැජින කිරුළ දිනූ ලාබාල ශ්‍රී ලාංකික දියණිය කටුනායකට

බකල ජයා Sunday, 26 January 2025 08:27 PM

තව දණගාන වයසේ අයටත් රූ රැජිණ එකක් විතරයි අඩු. ආ තව ටිකෙන් අමතක වෙනවා. වයස සීය පැනපු ආච්චිලාට ලෝක රූ රැජිණ එකකුයි, සීයා පැනපු සීයලාට මොඩ්ලින් තරඟෙකුයි ඕනෑ.

:       29       115

ජිල්බු Monday, 27 January 2025 07:11 AM

අර තරුණ අයගෙ තරඟ දෙකේ අනිවාර්ය සුදුසුකමක් තමයි කටේ එක දතක්වත් නැති එක.

:       2       28

Malika Sunday, 26 January 2025 09:39 PM

කටේ කිරි සුවඳ තියෙන පොඩි උන්ට මේ කරන විපරිත. මේ දරුවන්ගේ දෙමාපියන්ට මොලේ අමාරුවක්ද මන්දා. මේ වගේ නාඩගම්වලට දරුවන් මෙහෙ යවලා කවදා හෝ වෙන විපැත්ති මේ අයට නොපෙනෙන එක හරිම කනගාටුවක්.

:       18       89

Lucky De SilvaMonday, 27 January 2025 08:36 AM

පිස්සු මරගාත

:       7       39

ana Sunday, 26 January 2025 10:54 PM

වැඩිහිටියන් ළමයින්ගේ ළමා ලෝකය උදුරාගෙන ඇත.

:       11       78

Janitha Monday, 27 January 2025 12:21 AM

ළමයින්ව ගාවගන්න එපා..

:       4       23

Banda Monday, 27 January 2025 01:12 AM

අයියෝ පොල්..අයියෝ හාල්..විකාර වලත් සීමාවක් තියෙන්න ඕනෙ ළමයෝ. අද කාලේ විහිළු වලට හිනා යන්නේ නෑ අප්පා.. බණ්ඩා

:       1       10

ලක්විදු Monday, 27 January 2025 08:08 AM

ඒ මදිවට පුහුණු කාරියෙකුත් ඉන්නවලු.

:       5       38

soma Monday, 27 January 2025 07:19 PM

බාල වයස්කාර දරුවන් යොදාගෙන කරන මේ විගඩම්වලට තිත තැබිය යුතුයි.

:       1       11

Msnek Monday, 27 January 2025 10:51 PM

ජය වේවා

:       3       8

Manjula Thursday, 30 January 2025 01:28 PM

ඇත්තටම මේ ළමයා ලස්සනයිද?

:       3       3

පියල් විරසිංහ Saturday, 01 February 2025 10:01 AM

නගේ මලේ මොනවද ඔය විච්චූරන නාඩගම්..//

:       0       4

nihal Monday, 03 February 2025 10:29 PM

මෝඩයෙක්

:       1       1

malshan Wednesday, 12 February 2025 01:04 PM

ඇය හරිම ලස්සනයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2433 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site