(අංජුල මහික වීරරත්න)

ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට  ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිවී තිබෙි. 

මුදල් අමාතයාංශ නිලධාරීන්, මහබැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ අදාල ලේඛනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ අතර එය ලෝක බැංකු නිලධාරීන් විසින් පිළිගෙන ඇත.

අදාල  ආධාර මුදල ලබාගැනීම සඳහා රජය විසින් සකස් කරන ලද ත්‍රෙයි පාර්ශවික වැඩසටහන ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළත් එය අනුමත කර ගැනීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කිරීමට සාගල රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ට සිදුවී ඇත.

සාකච්ඡා වට ගණනාවකින් පසු ලෝක බැංකු නිලධාරීන් ඉදිරිපත් කළ කොන්දේසි ගණනාවක් ලිහිල්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙි.

ලෝක බැංකුව ලංකාවේ වාර්තාව පිළිගැනීමත් සමඟ ඩොලර් මිලියන 450 ක අධාරය මෙම මුදල් වර්ෂය අවසන් වීමට ප්‍රථම ලංකාවට හිමිවනු ඇත.