IMG-LOGO

ලොහාන් රත්වත්තේ දිවිසැරිය නිමා කරයි

(නිමල කොඩිතුවක්කු, ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනවිරත්න)

හිටපු අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික  රෝහලක දී  ප්‍රතිකාර ලබමින් සිටියදී අද(15) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

මියයන විට හෙතෙම  57 වැනි වියෙහි පසුවිය.

අක්මාවේ ඇතිවූ තදබල රෝගී තත්වයක් හේතුවෙන් ඔහු  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මොනියා තත්වය උත්සන්න වීමෙන් මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශීෂ්‍යයකු වන රත්වත්තේ මහතා තිදරු පියෙකි.

මෙරට දේශපාලනයේ ප්‍රකට පරපුරකින් පැවත එන ලොහාන් රත්වත්තේ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ  අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේද සමීප ඥාතියෙකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස මුලින්ම දේශපාලනයට පිවිසි රත්වත්තේ මහතා මහනුවර දිස්ත්‍රීක්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2010 වසරේ පළමුවරට පරේලිමේන්තුවට තේරී පත්වූයේය.

එතැන් සිට 2024 වසර දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.

වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මැණික් හා ස්වර්ණාභරන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඔහු කටයුතු කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය හෙට(16) සහ අනිද්දා (17) මහනුවර කටුගස්තොට පාරේ මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේ දේහය තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා 17 පසුවරු 5.00 ට නිත්තවෙල  පවුලේ  සුසාන භූමියේදි සිදුකෙරේ.



අදහස් (10)

ලොහාන් රත්වත්තේ දිවිසැරිය නිමා කරයි

C.K.Lankaputhra Friday, 15 August 2025 12:23 PM

නිවන් සැප ලැබේවා...!

:       54       50

Sam Friday, 15 August 2025 12:48 PM

මෙතුමා නේද කිව්වේ ජීවත්ව ඉන්න කම් අනුර ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියලා...

:       30       107

හසන්ති Friday, 15 August 2025 12:49 PM

පොහොට්ටුව ගොඩ ගන්න හිටපු ප්‍රබලයෙක් නැතිවුණා.

:       83       30

Perakum LiyanagamaFriday, 15 August 2025 01:21 PM

ලොහාන්ට අපි ආශීර්වාද කරමු.... එයාගේ සසර ගමන කෙටිකර ගන්න. මොකද්ද අර පොහොට්ටුව ගොඩගන්නවැයි කියපු කතාව... දවල්ද?

:       14       46

Asela Friday, 15 August 2025 01:04 PM

ඔහුගේ අඩුපාඩු කුමක් වුවත්, ඔහු අද වැඩකට නැති දේශපාලනඥයන් මෙන් නොව 2001 දී එවකට එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු රත්වත්තේ පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔබට නිවන් සුව...

:       125       36

BBC Friday, 15 August 2025 01:36 PM

මැරෙන බව දැනගෙන ජීවත් වීම, ලෝකෙට රටට යහපතක් කරලා, ජීවත් වෙන එක වඩා යහපත්. නිවන් සුව ලැබේවා...!

:       16       44

ගමේ එකාලා Friday, 15 August 2025 02:25 PM

ජීවිතය අනියතය. මරණය නියතයි... කාටත් පොදුයි.

:       3       45

saman Friday, 15 August 2025 04:26 PM

වැදගත් කියන්නාවූ පවුල්වලින් දේශපාලනයට පැමිණියත් දශක කිහිපයක් දේශපාලනයේ නියැලී සිටියත් ඔහුගේ දේශපාලන ජීවිකාව කාලය තුළ සිදුකළ සිදුවීම් තුළින් රටට යහපතක් වුයේද යන්න රටේ පුරවැසියන් දනී. ඔහුට නිවන් සුව පතමු...

:       7       43

දොන් සීමන් Friday, 15 August 2025 11:39 PM

ඉධ තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්‍ථ තප්පති... පාපං මේ කතන්ති තප්පති. භිය්‍යො තප්පති දුග්ගතිං ගතෝ...

:       0       1

C.K.Lankaputhra Saturday, 16 August 2025 06:42 AM

මෙතුමාට මෙන්ම උඩතලවින්න සහෝදරවරුන්ට ත් නිවන් සුව අත්වේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site