
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත් එකක් බවට රත්වත්තේ යුවළ පැවසුවද එය වසර ගණනාවක සිට පරිහරණ කර ඇත්තේ රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බව පැහැදිලි විඩියෝ දර්ශන සාක්ෂි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් සුඛෝභෝගී නිවසක අංක තහඩු රහිත සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිබෙන බවට ඉකුත් මස 25 වෙනි දින මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදී එම මෝටර් රථය ගාල් කර තිබෙන නිවස හිටපු රාජ්‍යඅමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශි පබා රත්වත්තේ මහත්මියට අයත් නිවසක් බවට අනාවරණය වී තිබිණි'.
ඒ අනුව ඇයගේ දුරකථන අංකය සොයාගත් පොලිසිය ඒ හරහා ඒ සිදු කළ විමසීමේදී වෙඩි තබාගෙන තම සැමියාගේ පෞද්ගලික ලේකම්වරයා වන වෙඩි තබාගෙන සිය දිවි නසාගත් සංජීව බස්නායක නැමැත්තා එම මෝටර් රථය මීට සති තුනකට පමණ පෙරදී තමන්ට දැනුම් දී නිවසේ ගාල්කර ගිය බවය.
අනතුරුව පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණුු වාර්තා කර අදාළ මෝටර් රථය ඉකුත් 26 වෙනි දින භාරයට ගත් අතර ඒ සමගම රත්වත්තේ පවුලම අතුරුදන් විය
පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා 2021 වසරේ ඔක්තෝම්බර් මස 7 වෙනි දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබූ බවත් එම අවස්ථාවේදී මෝටර් රථයට සවිකර ඇත්තේ ky-6864 ,අංක දරණ මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව බවත් විමර්ශන වලදී අනාවරණය වීඇත
එම අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා සිදුකළ සොයා බැලීමේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කලින් බිරිඳට අයත් මෝටර් රථයේ ලියා පදිංචි අංකය බවට මේ වනවිට තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මුන්ට ගෑණු වැහිවැහැලනේ
වාහන මාරුකරන ගමන් ගෑනුත් මාරුකරපු ඇමතියෙක්ද? එතකොට අර හිරගෙට එක්ක ගෙන ගිහිල්ල වීරකම් පෙන්නපු කිකිළි කවුද ? කිකිලියො පට්ටියක්ම ඉන්නවද?
මේ සිප්පි කෑලි අල්ලලා මොනවා කරන්නද? අර ඩොලර් බිලියන ගණන් ව්‍යාපාර කරලා ඒ සල්ලි ලංකාවට ගෙනෙන්නේ නැති මහා ධනවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා, අයි ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ? ඒ සල්ලි වලින් මුළු ලංකාවටම අවුරුදු 10කට ඇති වෙන්න වාහන ගෙන්වන්න පුළුවන්. ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන්නේ ලාබ ජනප්‍රිය කාරනාවලට. නුවරඑළියේ එළවලු මල්ලක් ගැනත් අහන්න ලැබුන, ඒවා එහෙම හදන්නේ ආරක්ෂාව කියන කාරණේ මුල් කරගෙන කියල කවුදෝ මහත්තයෙක් කියලත් තිබුන. එත් ජනාධිපතිතුමා ඒවා පාවිච්චි කරන්නේ නැතිව බෙදල දෙනවා කියලත් තිබුන, මේවා රටට ප්‍රයෝජනයක් නැති තරම, සාකච්ඡා කරන්න තරම් වැදගත් දේවල් නෙවෙයි. කිලෝ හැටේ එළවලු මල්ලක් කියන්නේ නොගිනිය හැකි සුළු දෙයක්, එකෙත් කිසිම අනීතික අවභාවිතයක් වෙලත් නැහැ. ඇයි ආණ්ඩුව මේ විදිහට වැඩ කරන්නේ? මට පෙනෙන විදියට ඉස්සර ආණ්ඩුත් ඔහොමයි. අලුත් ආණ්ඩුවත් ඒ මග ම තමයි යන්නෙත්.