
(සුමිත් පොතුපිටිය)
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ වස්කඩුව, කපුහේන ප්‍රදේශයේ පදිංචිව සිටී ක්‍රිෂාන්ත කුමාර නමැති 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා එගොඩ උයන ප්‍රදේශයේ ලී මෝලක ලී කොටන් බාමින් සිට ඇති අතර, ලොරියේ ලී ඇන්දක් ගැලවී සපු කොටන් දෙකක් ශරීරය මතට පතිතවී ඇති බව පොලිසිය සදහන් කරයි.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
එගොඩ උයන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.