
(යොහාන් භාසුර)
පෙබරවාරි මාසයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ දක්වා ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ මුදල් අමාත්‍යංශයට යොමු කළ බවත් එම යෝජනාවලිය සඳහා මේ දක්වා මුදල් අමාත්‍යාංශයේ පිළිතුරු ලැබී නොමැති බවත් එම නිලධාරියා කීය.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩුවීම පිළිබඳ අවධානය යොමු කරමින් ලිට්‍රෝ ගෑස් මිල ද අඩු කිරීමට යෝජනා කර තිබූ බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගෑස් මිල සංශෝධනය කළ යුතු අතර බොහෝ මාසවලදී ගෑස් මිල සංශෝධනය නොවන තත්වයක්ද පවතී.
COMMENTS
අන්ධ, ගොලු, බිහිරි වර්ණ චිත්‍රපටය දැන් රඟ දැක්වේ...
පළාත් පාලන ඡන්දෙට නෑ කියලා උසාවියට කිව්ව කට්ටිය. මේ රජයත් එයාලගේ පදේට නැටුවොත් අබ සරණයි.
සහන දෙන්න පුළුවන් වේලාවක අහිංසක ජනතාවට සහන නොදී සිටිම තමන්ගේ ජනප්‍රියත්වය කෙලෙසන්න කැමැති නම් කමක් නෑ
ඔහොම යමුකෝ තව ඡන්ද ළඟ එනවා නේ
අනුරගේ පාලනයත් දැන් රනිල්ගේ පාලනය වගේ වෙනවා මොකද මිල අඩු කරන්නේ නැත්තේ පුළුවන් වේලාවේදී
2040 දී රට හදලා ජනතාවට සහන දෙන්නම් කියලා බෑගිරි ගෑව හාදයන්ට දැන් ඉක්මනින් සහන ඕනා වෙලා. විදුලි බිල සීයට තිහකින් අඩු කරලා, ඖෂධ මිල සීයට පණහකින් අඩු කරලා, ඉන්ධන වලින්ද යම් සහනයක් දිලා රුපියල් හැටට තිබුණා බිත්තර රුපියල් විසි අටට හා එක්දාස් පන්සීයට තිබුණ කුකුල් මස් කිලෝ එක රුපියල් නමසිය පණහට අඩුවෙලා තියෙන විට ගෑස් මිල පහල දැම්මේ නැහැ කියලා නාහෙන් අඩන එවුන් මනුස්සයෝ වෙන්න බැහැ.
ලෝක වෙළඳපලේ වැඩිවෙලා තියෙන්නේ