සෙල්සියස් අංශක 4-8 උෂ්ණත්වයෙන් ගබඩා කළ යුතු යෝගට් තොගයක් සෙල්සියස් අංශක 29 උෂ්ණත්වය යටතේ ගබඩා කළ ලොරියක් අත්අඩංගුවට ගත් කොබෙයිගනේ සෞඛ්‍ය නිලධරයෝ එම යෝගට් විනාශ කරන ලෙස නියෝග කළහ.
යෝගට් වැනි ආහාර අධික උෂ්නත්වය යටතේ තැබීමෙන් බැක්ටීරියා වර්ධනය වන බවත් එවැනි ආහාර මිනිස් ආහාරයට නුසුදුසු බවත් ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොරියේ යෝගට් කුණු ගොඩට
සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:18 AM
නිලදාරීන් කර තිබෙන්නේ ඉතා උතුමා ක්‍රියාවක් , මෙය නිසා ජිවිත ගණනක් රැකෙනවා , නැතිනම් මේවා කළා රෝහල් ගතවී , මරණයට ගොදුරු වන ප්‍රමාණය කිව නොහෙක ,මේ උතුම් නිලදරින්ට මල් මිටක් මගෙන් (දී)
පුෂ්පසිරි අල්විස් පැරිස් Sunday, 17 August 2014 01:45 PM
කන්නේ කුණු කෑම , බොන්නේ අපිරිසිදු වතුර , ජීවත්වන්නේ මරණ බියෙන් , මේ ඔක්කොම නැති බැරි දුප්පත් දුප්පත් මිනිහට , සුපිරි කෑම , රටින් ගෙන්වන වතුර , භාවිතා කරන පොහොසත් අයත් ඉන්නවා , (දී)
සංජය Sunday, 17 August 2014 02:39 PM
ලොකු කොම්පැනි ඔක්කොම යෝගට් කියල විකුනන්නේ ලාබෙට තියෙන පිටි වලින් හදපුවා දැන් රටේ තියෙන කිරි ප්‍රමාණය අනුව ඔච්චර හදන්න බැහැ. ඔක්කොම යෝගට් ටෙස්ට් කරන්න (දී)
ඉසුරන්දි Sunday, 17 August 2014 06:55 AM
අනේ මන්දා. (දී)
ලකී දොඩන්ගොඩ Sunday, 17 August 2014 04:13 PM
ඔය යෝර්ගට් කන එක නවත්තල අපේ සිංහල කිරි පැණි කන්න පුරුදුවන්න , කිරි කන කොටම ත්රෙනවා හොඳ නරක , සිය රට දේ , සිරි සැප දේ (ස)
චන්ද්‍රා Sunday, 17 August 2014 04:16 PM
වගකිවයුතු නිලධාරිනි, නිරතුරුවම ඔබලාගේ රාජකාරිය හරියටම ඉටුකර අසරණ පාරිභෝගික ජනතාවට සාධාරණය ඉටුකර දෙන්න, ඔබ සැමට ජනතා ප්‍රණාමය,..... (ස)
චමින්ද Sunday, 17 August 2014 08:33 AM
අපේ භාර්යාව,හැම වෙලාවකම ඔවැනි දේවල් දරුවන්ට දෙන්න කලින්, මුලින්ම කාලා බලනවා.මොකද හේතුව බොහෝ විට ඕවා නරක් වෙලා, නියමිත උෂ්ණත්වය යටතේ නැති නිසා. (දී)
රෙජි _සිඩ්නි Monday, 18 August 2014 12:25 AM
ඔය වගේ දේවල් ප්‍රවාහනය කරන විට ශීතකරන සවිකළ වාහන අපේ රටේ භාවිතා කරන්නේ නැද්ද? (නි)
උපාලි Monday, 18 August 2014 01:41 AM
යෝගට් හදන්නේ බැක්ටීරියා යොදාගන. එය අංශක 4ට තබාගන්නේ වැඩිකලක් ආම්ලික නොවී තබාගැනීමට. අංශක 29 තිබූවිට එහි අරක්ෂිතබවට හානි නොවේ. මෙවැනි නීති තෝරාගන්නේ නැතුව ක්‍රියාත්මක කිරීම අවදානම්ය (නි)
අජිත් Sunday, 17 August 2014 09:51 AM
සීතල කෑම අංශක 5 ට අඩුවෙනුත් උණුසුම් කෑම අංශක 60 ට වැඩියෙනුත් තිබිය යුතුයි . ලංකාවේ බොහෝ තැන්වල නියමිත උෂ්ණත්වයේ අහාර ගබඩා කරන්නේ නේ නෑ. (දී)
නන්ද Monday, 18 August 2014 02:58 AM
උපාලි සොහොයුරා කියන කතාවේ සත්‍යයක් තියනවා. ශීතල කාලගුණයක් සහිත රටවලද මා දැක ඇති පරිදි යෝගට් ශීතකරණයෙන් එළියට ගෙන තරමක කාලයක් තබා ගත හැකිවුණත් ශ්‍රී ලංකාව ඝර්මකලාපික රටක් නිසා මේ වැටලීම සාධාරණ වියහැකියි.අපිත් දන්නේ නැතුව කොච්චර ඕවා කාලා ඇද්ද ? (නි)
අජිත් ප්‍රනාන්දු Monday, 18 August 2014 03:00 AM
අජිත්, මීකිරි වලට ඔබට දිය හැකි සහතිකය මොකක්ද? වෙළදපොළේ තියෙන කිරිවලින් සියයට 90 ක් තියෙන්නේ බාල කිරි. ලේබලය බැලුවහම සේරම තිස්සමහාරාම කිරි, එහෙම නැත්නම් රුහුණේ කිරි. (නි)