IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලිට්‍රෝ ගෑස් රුපියල් 1005 කින් අඩු කරයි

(යොහාන් භාසුර) 

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 

රුපියල් 4,743 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 3738 ක් දක්වා අඩුවූ බවත් රුපියල් 1,904 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1502 ක් දක්වා ද, රුපියල් 883 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 700 දක්වා ද, කොළඹ මිල පහත වැටුණ බවත් ඒ මහතා කීය. 

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 402 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 183 කින් ද, අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

 



අදහස් (7)

ලිට්‍රෝ ගෑස් රුපියල් 1005 කින් අඩු කරයි

අරවින්ද මොනරවිල Tuesday, 04 April 2023 11:16 AM

රනිල් රාජපක්ෂ කල්ලියේ කවි ගී සීපද දැන් හෝ ගාලා ලියවෙයි.

:       14       16

tikiri Tuesday, 04 April 2023 11:19 AM

1005 තීරණය කලේ කුමන පදනමින්ද? 1000 යන සංක්‍යාව මත ජනමනස ආක්‍රමණය කිරීමට නොවෙයිද? සිංහල අවුරුද්ද ආසන්නයේ අඩු කලේ අයි? බාණ්ඩයක හෝ ඉන්දන වල මිල තීරණය කළු යුත්තේ ඉහත කරුණු මතද වියදම සහ වටිනාකම මතද? දේශපාලන පන්තියයි හරක් පන්තියේ ආර්ථික විද්‍යාවයි මේ රට ගෙනියන්නේ කොතනටද? මෙම මිල අඩු කිරීම නිසා අප පවතින රජය නැවත බලයට පත්කළ යුතුද?

:       18       7

ravin Tuesday, 04 April 2023 11:51 AM

මේ සිංහල දමිල හා මුස්ලිම් උත්සව නිසාද ?නැහැ ඇයි අයි එම් එෆ් එකේ කොන්දේසි අනුව හොරකමට හම් ද ?

:       5       3

මහසෙන් Tuesday, 04 April 2023 12:16 PM

දැනෙන්න අඩු කීරිම් දැනෙන්න වැඩි කීරිමක් වෙන්න කොච්චර කල් යයි ද කියලා බල බලා ඉන්න වෙන්නේ කොහොමත් .

:       4       5

Bamunuarachchi Tuesday, 04 April 2023 02:11 PM

රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වේවි. ඒත් දුෂණය නැති කරන්න පුළුවන් ජගතෙක් ඉන්නවාද? එකටත් solution එකක් තිබෙනවා. ඒ සම්බන්දව ලීවාට මෙහි අදහසක්‌ හැටියට හෝ පළකරන්නේ නැහැ. මෙය පල උනොත් ඒ විසඳුම පලකරන්නම්.

:       0       0

සිල්වා Tuesday, 04 April 2023 03:17 PM

දැන් ඉතින් විදුලි ගාස්තවත් අඩු කලයුතුයි

:       0       1

Nandana Tuesday, 04 April 2023 03:21 PM

කුහක හැත්ත හොද දේ හොඳ විදිහට බලපියව්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site