IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලෝක සංගීත කරළිය ජයගැනීමට සැරසෙන අපේ ‘නාටාෂා’

නටාෂා රත්නායක ගැන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටින්නේ නිරූපණ ශිල්පිනියක ලෙසය. ශ්‍රී ලංකාවේ තවත් සමහරු ඇය හඳුනන්නේ ඉංගී‍්‍රසි ගීත ගයන ශිල්පිනියක ලෙසය. නමුත් නටාෂා යනු පුංචි ශ්‍රී ලංකාවේදී පමණක් එලෙසින් කටයුතු කරන ශිල්පිනියක නොවේ. අද ඇයගේ ගැඹුරු හඬින් ගැයෙන ගීත යුරෝපයේ මෙන්ම ඇමරිකාවේ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ. බොහෝදෙනා ඒ ගීත අසන්නට වඩාත් පි‍්‍රය බව සඳහන් කළ හැකිය. කෙටියෙන්ම කිවහොත් නටාෂා යනු ශ්‍රී ලංකාවේ ශිල්පිනියක ලෙස පියවරක් ලෝකයට තැබූ චරිතයකි. හෙට දින ලෝ ප‍්‍රකට චරිතයක් වීමට ශක්තියක් වෙමින් සීතල නත්තලේ අසිරිය සමග අපි ඇයගේ කටහඬ අවදි කරමු. නටාෂා කලකට ඉහතදී ඔබ රඟපෑමට සම්බන්ධ වුණා. ඇයි දැන් නැත්තෙ? කලකට ඉස්සර ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වුණා. එතකොට වයස 18 ක් විතර ඇති. ඇත්තටම රඟපෑමට වඩා කැමති ගායනටයි. රඟපෑමට ඉන්දීය සිනමාවෙන් පවා ආරාධනා ලැබුණා. නමුත් මගේ ඒකායන අරමුණ සහ ගමන සංගීත අංශයයි. බොලිවුඞ් සිනමාව වගේ පුළුල් තැනකින් ලැබුණු ආරාධනා ප‍්‍රතික්‍ෂේප කිරීම මෝඩකමක් නෙවෙයිද? කොහෙත්ම එහෙම හිතන්නෙ නැහැ. මොකද යමෙක් අරමුණු කීපයක් දරාගෙන ගියාම සමහරවිට එක අරමුණක්වත් සාර්ථක කරගන්න බැහැ. මගේ අභිලාශය ගායනයෙන් ලෝකයට යාමටයි. ඊට සමගාමීව ඉංගී‍්‍රසි චිත‍්‍රපටයක් නම් සමහරවිට සලකා බලන්න ඉඩ තියෙනවා. සැමියා මේ දේවල් වලට ඉඩ දේවිද? දමිත තමයි මගේ මේ ගමනට ගොඩක්ම උදව් කරන්නෙ. මම හිතන්නෙ මම තමයි මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ. මට ලැබිලා තියෙන්නෙ හොඳම සැමියෙක්. මම ජීවිතයේ ගත්ත හොඳම තේරීම එයයි. දුර ගමනක් එන්න එයාගෙන් ලැබෙන සහාය ඉතාම ඉහළයි. දැන් විවාහවෙලා සෑහෙන කලක් නේද? සහතිකෙන්ම ඔව්. වසර දහයක් විතර ගෙවුණා. සමහර වෙලාවට සමහරුන්ට විවාහය කියන දේ හරිම අමිහිරි දෙයක් කියලා අපට අහන්න දකින්න ලැබෙනවා. නමුත් අපි දෙන්නාගෙ ඒ ජීවිතය නිරන්තරයෙන් අලූත් වුණා. ඒ නිසා ජීවිතය සුන්දරවම දැනෙන්න පටන් ගත්තා. ඔබ සමාජයේ කැපී පේන්න අඳින පළඳින විදියට එයා කැමතිද? කලාව කියන්නේ කලාත්මක දෙයක්. මගේ රිද්මය, මම කරන දේ ගැන දමිතට හොඳ වැටහීමක් තියෙන්නෙ. ඉතිං මම කරන දේට සාපේක්‍ෂව වේදිකාවේ සිටියදී වඩා උචිත දේ කරන්න  ඕන. ඒ විදියට තෝරාගැනීම් ගැන කිසි ප‍්‍රශ්නයක් නැහැ. මොකද ඒ අවස්ථාවට ගැලපීම අනුව තමයි අපි කරන කලාව පේ‍්‍රක්‍ෂකයා වඩාත් වින්දනය කරන්නෙ. ඇයි ඔබ සිංහල ගීත ගයන්න ඉදිරිපත් නොවන්නෙ? මම හිතන්නෙ මගේ සිංහල භාෂාව එච්චර හොඳ මදි. ඉතිං මම නිතර කරන්න  ඕන දන්න දේ. කලින් කීවා වගේ ඉංගී‍්‍රසි ගායනය තමයි මට වඩා සුදුසු සහ මම දන්නෙ. ඒ හැරත් සිංහල ගීත ගයලා අපට ලෝකයට යාමට තියෙන අවස්ථා අඩුයි. මම හිතන්නෙ ලෝකයට යන්න පුළුවන් මාර්ගයේ තමයි අපි යන්න  ඕන. අද ඔබ ගායනයෙන් කොතරම් දුරකට ගිහින් කියලද හිතෙන්නෙ? ඇත්තටම මගේ ගීත නිර්මාණ රටේ ඉංගී‍්‍රසි රේඩියෝ චැනල්වල වගේම ලෝකය පුරා බොහෝ රටවල රේඩියෝ චැනල්වල ප‍්‍රචාරය වෙනවා. 'Run Away' සහ Get Up On My Feet කියන ගීතත්,  Worship My Body  ඇතුළු ගීත ගණනාවක්ම තියෙනවා. මේ නිසා ඉංගී‍්‍රසි ගීත රසවිඳින ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාව, ඇමරිකාව, බි‍්‍රතාන්‍ය ඇතුළු බොහෝ රටවල ජනතාව අතර යම්තාක් දුරකට ජනපි‍්‍රයයි. මේ විදියට ඔබ ලෝකයට පියවරක් තබා තිබුණත් ඇයි ලංකාවේ බොහෝ දෙනාට මේ විදියට ලෝකයට යන්න බැරි? මම හිතන්නෙ ඒකට අපට හරි වේදිකාවක් නැහැ. එහෙම තැනක් අවකාශයක් අපට හදලා නැහැ. ඒ නිසා අපටම එය සොයා යාමට සිදුවෙලා. ඔබ රූපවාහිනී දැන්වීම් වලටත් පෙනී සිටිනවා. නෙස්පේ‍්‍ර දැන්වීමේ බබා නාවන අවස්ථාවට පෙනී සිටින දැන්වීම ගැන බොහෝ අම්මලා කතා කරනවා. ඒ ඔබගේම බබාද කියලා? නැහැ. මගේ බබා නෙවෙයි. ඒ දැන්වීම ගැන කතා වෙනවා නම් ඒ ගැන මට සතුටුයි. මොකද මම එය හොඳට කළ නිසා කතා කරනවා ඇති. මටත් කවදාහරි මවක ලෙස ඒ වගේ අවස්ථාවකට පෙනී සිටින්න වෙනවා. එය සිහිකරගෙන දැන්වීමට පෙනී සිටියා. විලාසිතා නිර්මාණයට ඔබ අධික මිලක් ඉල්ලනවද? මෙහෙමයි, මගේ ප‍්‍රධාන අංශය සංගීත අංශයයි. දැන්වීම් සහ නිරූපණය කවදත් මම කළේ ප‍්‍රමිතියක් ඇතිවයි. එහෙම ප‍්‍රමිතියක් ඇතිව අපි සියල්ල කළයුතු බව මගේ පුද්ගලික හැඟීමයි. හොඳ දැන්වීමක් ලැබුණොත්, නිරූපණ අවස්ථාවක් ලැබුණොත් ඊට දායක වෙනවා. කොහොම වුණත් ඔබ මේ විදියට ප‍්‍රතිපත්ති ඇතිව දුර ගමනක් ආ ශිල්පිනියක්. ඒත් සමහරුන්ට ඒ විදියේ දුර ගමනක් එන්න බැහැ. ඇයි ඒ? තමන් මොන දේ කළත් කොතැන ගියත් තමන් දැනගත යුතු ප‍්‍රධාන දේ තමයි හැසිරීම. කොහේ ගියත් මම මගේ හැසිරීම සහ චරිතයට කැළලක් වන විදියට කටයුතු කළේ නැහැ. ඒ වගේම අපි හරි යාළුවො කවුද කියලා දැනගෙන හරි අය තමයි ආශ‍්‍රය කරන්න  ඕන.

විලාසිතා සහ පසුතලය - ODEL /සටහන-ඡායාරූප සඳුන් ගමගේ



අදහස් (0)

ලෝක සංගීත කරළිය ජයගැනීමට සැරසෙන අපේ ‘නාටාෂා’

ප්‍රීත් Friday, 06 January 2012 04:13 PM

ගොඩාක් හොදයි වගේම ඔයා ලස්සනයි. ඉදිරියටම යන්න

:       0       0

wanasinghe Saturday, 31 December 2011 07:54 AM

අද තමා දැක්කේ ලස්සනයි. සින්දුවක් අහල නෑ තවම.

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 11:34 AM

කවුද අනේ මේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 563 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 107 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 370 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 803 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 465 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 721 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1399 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site