චීනයේ ‘‘බීජිං’’ හිදී පැවැත්වෙන ලෝක ආබාධිත වොලිබෝල් තරඟාවලියට සහභාගිවීම සඳහා ශී‍්‍ර ලංකා ආබාධිත වොලිබෝල් කණ්ඩායම අද (18 වැනිද) අලූයම පිටත්ව ගියේය. වසර 30 කට පසු යුද්ධයෙන් පීඩාවට පත්වු හමුදා සොල්දාදුවන් මෙන්ම හමුදාවට එරෙහිව සටනක් ගෙනගිය යුදවාදී කණ්ඩායම්වල සාමාජිකයන්ද එක්කර මෙම ආබාධිත කාන්තා වොලිබෝල් කණ්ඩායම සකස් කර තිබේ. 12 දෙනෙකුගෙන් සමන්විත ආබාධිත කාන්තා වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරිම සඳහා යුද්ධයෙන් ආබාධිතවු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නන්දනී මංගලිකා සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සෙබළියන් වශයෙන් කටයුතු කළ මේරි ඇනීටා, මලර්විලී හා නවලෝජිනිද එක්ව සිටිති. ධනංජනී රන්දිකා, නිසාරා ජයසිංහ, ගමගේ කාන්ති, තිලකා කුමාරි, රංජනී පුෂ්පකුමාරි, වසන්ති සරෝජිනී සහ ශී‍්‍රයානි දසනායක යන කී‍්‍රඩිකාවන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර කණ්ඩායමේ නායිකාව වශයෙන් ජේ. ඒ. නිසාරා ජයසිංහ කටයුතු කරන්නීය. පිරිමි ආබාධිත වොලිබෝල් කණ්ඩායම කී‍්‍රඩකයින් 12 දෙනකුගෙන් සමන්විත වන අතර යුද්ධයෙන් ආබාධිතවු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සෙබළු ඊට අයත් වෙති. කණ්ඩායම්භාර නිලධාරී ලෙස ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල් පියල් අබේසේකර මහතා කටයුතු කරන අතර කරුණාරත්න වික‍්‍රමසිංහ මහතා ආබාධිත වොලිබෝල් සංගමයේ ලේකම් වශයෙන්ද කණ්ඩායම් කළමනාකාරිනිය වශයෙන් ශාමලී රේණුකා ජයසුරිය මහත්මියද කටයුතු කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලෝක ආබාධිත වොලිබෝල් තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම පිටත්ව යයි