
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරා ගෙන තිබේ.
නගර අලංකාර වැඩසටහන සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට රටවල් 26 ක මූර්ති කලා නිර්මාණ ශිල්පීන්ට චීනය ආරාධනා කර ඇත.ඉන් නිර්මාණ ශිල්පීන් සය දෙනකුගේ නිර්මාණ 12 චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරාගෙන ඇත.
එසේ තෝරාගත් නිර්මාණ 12 අතරට ශ්‍රී ලාංකික මූර්ති කලා නිර්මාණ ශිල්පියකු වන ලලිත් සේනානායක මහතාගේ නිර්මාණ දෙකක්ද ඇතුළත් වී තිබේ.ලලිත් සේනානායක මහතා විසින් නිර්මාණය කරනු ලැබ ඇති අශ්වයකු සහ නිදහසේ පියාඹන කුරුල්ලන් දෙදෙනෙකු සහිත මූර්ති දෙකක් චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා මෙසේ තෝරාගෙන ඇත.
ශ්‍රී ලාංකික ශිල්පියකුගේ මූර්ති කලා නිර්මාණ දෙකක් චීන නගරයක ප්‍රධාන උද්‍යානයක් අලංකාර කිරීම සඳහා යොදාගත් පළමු අවස්ථාව මෙය බව තමන් විශ්වාස කරන බවත් චීනයේ තබා ඇති තම නිර්මාණ අසල ශ්‍රී ලංකා ධජය ලෙළදෙන බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් ලලිත් සේනානායක මහතා ප්‍රකාශ කළේය.



COMMENTS
ඔබගේ ජයග්‍රහණයට අපගේ හදපිරි සුභ පැතුම්
ලලිත් සේනානායක මහතා ට සුභපැතුම් !
ඔබ විශිෂ්ටයෙක් .ඔබට අපේ ප්‍රණාමය
ජය වේවා....
බොහොම සතුටුයි මහත්තයෝ. තව තවත් මේ වගේ සුන්දර නිර්මාණ ලොව පුරා ගෙන යන්න ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා!
අපේ රට බොහෝ ක්ශේෂ්ත්‍ර වල ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා නිපුනතා දැක්වීමට අය සිටියත් හොරකමටයි තක්කදිකමටයි හිත යොමු කරන දේශපාලුවන් ඒ නිපුණතාවයන් වලින් රටට වැඩක් ගැනීමට දන්නේ නැහැ
ලලිත කළා ඔපකරලා .ඔබට සුභපැතුම්