
(ඩයනා උදයංගනී)
ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) රාත්‍රියේ මියගොස් ඇත.
ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති, ප්‍රමිති ආයතනයේ සභාපති ආදී තනතුරු ද හොබවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළ ඒ මහතා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සම්බධීකරණ නිලධාරියා ලෙස මෙන්ම හිටපු ඇමති ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS
සමාදානයේ සැතපේවා
ඔබතුමාට අජරාමර නිර්වාණය අවබෝධ වේවා
හරිම කණගාටුදායකයි. ඔබට අමාමහ නිවන්සුව පතමි.
ඉතා අවාසනාවන්ත පුවතක්... මෙතෙක් මැරුණේ සාමාන්‍ය මිනිස්සු... දැන් මේ වගේ අයත් මැරෙනවා. ඒ කියන්නේ තතිවය ඉතාම අමාරුයි. සාමාන්‍ය මිනිස්සු නම් කාමරයෙන් එළියටවත් යන්න එපා. යන්න හිතන්නවත් එපා. ජීවිතේටත් වඩා වටිනා දෙයක් තියේනම් පමණක් එළියට බහින්න කියන පණිවිඩයයි මේ දෙන්නේ...
සුබ ගමන් ඔබට...!!!
මොකටද තරුණ කාලේ පින්තුරයක් දාලා වයස හැංගුවේ..?
ප්‍රමිතියේ සභාපති..., මතක තියාගන්න ජනතාවට වැරැදි කළොත් අන්තිමට වෙන දේ...