IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්‍ෂෙප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා චෝදනාවන්ගෙන් සන්නස්ගල මහතා මුදාහැරීමට අද (24) නියම කළේය.

තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා අධිකරණයේ පෙනී සිටයේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීහු පසුව ලබාදෙන බව පවසා ගත් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ආපසු ලබානොදී වංචා කිරීම, විශ්වාෂය කඩ කිරීම සහ එම මුදල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම යටතේ කෙටුම්පත් කළ චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළහ.

විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය කියවා දෙන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් මෙම සිද්ධියට පාදක මුදල් තම සේවාදායකයා විසින් ‘මාර්ග ගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියේ පැමිණිලිකරු මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටින බව පැවසු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා අවශ්‍ය නම් මෙම මුදල් ලැබුණාද? කියා ඔහුගෙන් සැක හැර දැනගැනීමට හැකියාව ඇතයිද කීය.

ඒ අවස්ථාවේදී සිද්ධියේ පැමිණිලිකරු වන ගනේමුල්ල පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා අධිකරණය හමුවට කැඳවු මහෙස්ත්‍රාත්වරයා නඩුවට පාදක වු මුදල් සැකකරු විසින් තමන්ට ගෙව්වාද? යනුවෙන් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්ණයට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් සිද්ධියේ පැමිණිලිකාර නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා නඩු කීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පොලසිය දැනුම් නොදීම නිසා පසුගිය දිනයේ අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වු බවත් කීය.

මෙම නඩුව අවසන් කර දෙන්නැයි ගල්වලආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලමක්ද කළේය.

 



අදහස් (3)

ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස්

Nimal Tuesday, 25 June 2024 08:43 AM

මේකෙන් කියවෙන්නේ නෑ වැරැද්දක් නොකලා කියලා... නඩු දැම්මාම සල්ලි ගෙව්වා එකයි කලේ.. නැත්නම් නඩු සල්ලිත් නෑ

:       0       22

kamal Koyrala Tuesday, 25 June 2024 02:49 PM

මම පොරක් යයි හිතන ඉන්න අයත් ඔහොම තමා නේ

:       0       9

අමල් Tuesday, 25 June 2024 06:19 PM

මගෙන් සිංහල ඉගෙනගත්ත ගෝලයෝ , නීති විභාගය පාස් කරලා ඉහල පුටුවල ඉන්නකොට, කාටද ආඩම්බර? මේකට කියන්නේ කළගුණ සැලකීම කියලා! මේවගේ අය ගැන තමයි, ළඟකදී ඩීල්දාස පාර්ලිමේන්තුවේදී චෝදනා කලේ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 66 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 353 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site