IMG-LOGO

ලක්ෂ දෙකකගේ රැකියා මකර කටේ

 

(සුජිත් හේවාජුලිගේ )

විදුලි මිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන්  ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද  ඔවුහු සඳහන් කරති.

කොවිඩ්  පැතිරීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක්  මහ පාරට වැටුණහ.

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල් අවන්හල් සහ  විලා නිකේතන  වැසී යාමේ තර්ජනයට මුහුණදී ඇති ප්‍රධාන  ස්ථාන බව  ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්,විලා,ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට  වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි  ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල (සෝලා )වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති.

ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ  අඩු කිරීමට  විවිධ වැඩසටහන්  දැනටමත් හඳුන්වාදී ඇත.

මේ අතර ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බවත්  2020 වසරේ  පමණක් ශ්‍රමිකයන්   53,711  දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස්   ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විදේශගතවූ  ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී  එක්ලක්ෂ විසි එක් දහස් හත් සිය අනූ පහක් දක්වා වැඩිවී ඇත.



අදහස් (7)

ලක්ෂ දෙකකගේ රැකියා මකර කටේ

රත්නසිරි Saturday, 01 October 2022 10:36 AM

මොනවා උනත් ආගමික ස්ථාන වලට නම් විදුලි ගාස්තු සහනය දෙන්න එපා.. !!!

:       4       5

Prase Saturday, 01 October 2022 10:54 AM

කිසිම කෙනෙක්ට සහන දෙන්න එපා. මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්න ඕනි. ජොබ් නැත්නම් ගෙදර ගිහින් වගා කරන්න. අද මිරිස් කිලෝ එකක් 800 ක්. ජොබ් නෑ කියලා නිකම් කන්න දෙනකම් බලන් ඉන්න කාලේ ඉවර කරන්න ඕනි.

:       3       6

de silva berlin Saturday, 01 October 2022 11:15 AM

හොඳම විසදුම සංචාරක හෝටල් වල වහල මත සවි කිරිමට පොලී රහිත මාස්පතා ගෙවීමේ ක්‍රමයට සූර්ය පැන ලබා දීම සහ සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම දිරිමත් කරන්න සංචාරකයන්ගේ ගමනා ගමනයට අවශය ඉන්ධන සඳහා QR කේතයක් ගුවන්තොටුපෙළදීම ලබා දීමේ ක්‍රමයක් වහා ස්ථාපිත කොට ඒ පිළිබදව විදේශ රටවල ප්‍රචාරයක් ලබා දීමයි. විදේශ රටවල බොහෝ දෙනෙක් සිතා ඉන්නේ ලංකාවේ තවමත් දවසන් ගණන් දිග තෙල් පෝලිම් තිබෙනවා කියලා. රටට විදේශ මුදල් ලබා ගන්න රැකියා බේරා ගන්න අවශ්‍ය නම් මෙම ක්‍රියාමාර්ග වහාම ගන්න ඕනි. මේවා ජනවාරි පෙබරවාරි වල ක්‍රියාත්මක කරලා වැඩික් නැහැ. රටට හැර ගල්ෆ් කලාපයට යන හෝටල් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයෝ විදේශ මුදල් බොහෝ විට ලංකාවට ප්‍රේශනය කරන්නේ නැහැ. ඔවුන් බලන්නෙ එම මුදල් යොදවලා රුමේනියාව හෝ ඉතාලිය හරහා යුරෝපයට ඇතුල් වෙලා එහේ ස්ථාවර වෙන්න.

:       1       6

pakeer Saturday, 01 October 2022 12:33 PM

මට පුදුම ඇයි කිසිම කෙනෙක් නිෂ්පාධනයට යොමු නොවන්නේ කියලා.

:       0       0

චින්තක Saturday, 01 October 2022 12:35 PM

පුද්ගලික අංශයේ එහෙම වුනාට ගෝඨාභය රැකියා දුන්නු ලක්ෂෙ කණ්ඩායම් සතියේ දිනවල ක්‍රිකට් මැච් තියෙන්නෙ ආයතන වල ඉහළම නිළධාරින් ප්‍රේක්ෂකයන් කරගෙන කියලා අහන්න ලැබුනා (කරන්න වැඩක් නැහැ වැඩට ගියාම පඩි ලැබෙනවා ක්‍රිකට් ගැහුවත් එහෙමයි ) රජයේ කාර්‍යාල පාලුවට ගියත් රාජ්‍ය සේවයේ වැඩ එහෙමයි.

:       0       0

sanjeewa Saturday, 01 October 2022 01:44 PM

බොහෝ සංචාරක හෝටල් අලුත්වැඩියා කරගැනීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සහ අමතර කොටස් ආනයනය තහනම් නිසා හෝටල් නැවත ආරම්භ කරගන්න බැරි ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා. මේවාට අවශය ඩොලර් හිතවත් විදේශිකයන්ගේ මර්ගයෙන් ගෙන්වාගන්න පුළුවන් නමුත් විවිධ ආනයන සීමා නිසා මේවා කරගන්න බැහැ.

:       1       4

fairoos Wednesday, 05 October 2022 06:44 PM

මේවා තේරුම් ගන්න තරම් රටේ උගතුන් බිහිවේවා... කරුමෙ කියන්නේ මොනවා වුණත් ජයවේවා කියන ජාතියක් සිටීමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 928 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site