(යොහාන් භාසුර)
‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගත යුතු වයස් සීමාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික පිරිසක් මේ දක්වා පළමු එන්නත් මාත්‍රාව හෝ ලබාගෙන නොමැති යැයි හෙළි වී තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ ‘කොවිඩ්’ මර්දන දෙවැනි එන්නත ලබාගත් පුද්ගලයන්ගෙන් ලක්‍ෂ 62 කට අධික සංඛ්‍යාවක් මේ දක්වා ‘බූස්ටර්’ මාත්‍රාව ලබාගෙන නොමැති බවත් 5,942,255 ක් පමණක් මේ දක්වා ‘බූස්ටර්’ එන්නත ලබාගෙන ඇති බවත්ය.
මෙරට එන්නත ලබාගත යුතු වයස් සීමාවේ 16,000,981 ක් පළමු එන්නත ලබාගෙන ඇති අතර ඉන් 14,027,528 ක් දෙවැනි එන්නත ලබාගෙන තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
‘ලක්‍ෂ 10 ක් පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන නෑ’
nalin Friday, 11 February 2022 10:00 AM
එහෙම අය ඉන්නවා නම් ඒ අයව මුලින්ම සමාජයට එන්න දෙන්නේ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ නේද? එහෙම නොකර මිනිස්සුන්ට තුන්වැනි මාත්‍රාවක් ගහන්න කිව්වාට වැඩක් නෑ.
කුණ්ඩලණී කලගෙඩි පැණි ලවුඩ්ස්පීකර් යාතිකා Friday, 11 February 2022 10:38 AM
තවමත් මිත්‍යාදෘෂ්ඨික හණමිටි අදහස් තියෙන අය වෙන්න ඇති ඒ අය...!
Ajith Friday, 11 February 2022 11:20 AM
කොවිඩ් එන්නතට වඳ වෙනවා කියලා ලෝකයම පිලි අරන් තියෙද්දී අපිට බලෙන් එන්නත් ගහන්න ඉඩ දෙන්න බැහැ
කිරි පුතා Friday, 11 February 2022 11:27 AM
ලංකාවෙ මරණ සංඛ්‍යාව වැඩිවෙන්න මේක එක් ප්‍රධාන හෙතුවක් විය යුතුයි . ඒ අය මිත්‍යාමතවලම එල්බගෙන ඉන්නව කොවිඩ් ඇවිත් හුස්ම ටික හිර කරන තුරුම
මහසෙන් Friday, 11 February 2022 12:55 PM
කොහේද දන්නෑ අර මාර්ගෝපදේශන ගැසට් එක...? ඒක රෝල් කරන් ඇති. තවමත් දවසට 30කට වඩා නැතිවෙන මිනිස්සු මේ එකක්වත් ගහපු නැති අය වෙන්න ඇති. මුලින් පැනි මුට්‍ට් පස්සේ දුවලා දැන් බූස්‍ටර් ගහන්නලු. සමාජයට විශ්වාසනීය ලෙස පණිවිඩයක් දෙන් නැතුව සංදර්ශන දානවා. රැස්වීවම් කරනවා. ඕවාට එන අයත් බූස්ටර් ගහලාමයි එනවා ඇත්තේ.
wahaldeepe Friday, 11 February 2022 03:02 PM
එතකොට දැන් ඔය රැළි එන්නේ නොගහපු උන්ගෙන්ද? ගහපු අයට හැදෙන්නේ නැතිනම්, මැරෙන්නේ නැතිනම් ඇයි ඔය ගහපු අය ඔයිතරම් බය?
hesa Friday, 11 February 2022 06:30 PM
බොහෝ රටවල එන්නත් ගත් අයගෙන් තමා නොගත් අය පරිස්සම් වෙන්නේ..!!!