(අංජුල මහික වීරරත්න)
නැවත වතාවක් ලංකාවේ මූල්‍ය විනය ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශය බාර නියෝජිතයින් සතුටට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් ද මුල්‍ය අරමුදලේ නියෝජිතයන් රුවන් විජයවර්ධන මහතා සමඟ සාකච්ඡා කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශය බාර නිලධාරීන් සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර ඉකුත් සඳුදා පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධාන කිරීමට තීරණය කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලාංකික ජනතාවට ලබා දීම අරමුණු කර ගනිමින් මෙම වැඩමුළුව පැවැත්වීමට එහි නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් රුවන් විජයවර්ධන මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව ලාංකික මාධ්‍යවේදීන්ට මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළ යුතු බවට තීරණය වී ඇත.
මෙරට දී මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූලස්ථානය පිහිටි වොෂින්ටනයේදී ද මෙි වැඩමුළු පැවැත්වීමට සාකච්ඡා පවත්වා තිබේ.
මූල්‍ය අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා උපරිම දායකත්වය ලබා ගත යුතු බව ද මූල්‍ය අරමුදලේ සන්නිවේදන නිලධාරීන් රුවන් විජයවර්ධන මහතා සමඟ පවසා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලංකාවේ මූල්‍ය විනය ගැන අයි.එම්.එෆ්. නියෝජිතයෝ සතුටින්
Lakmal Wednesday, 29 June 2022 04:41 PM
ඔබත් එක්ක සාකච්ඡාව කරන්නේ මොකටද?
fairoosWednesday, 29 June 2022 06:02 PM
මෙයා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව එජාපෙ එකක් කියලා... පින් අගමැති සහ නන්දසේන එකතුවෙලා රට කනවා.
chandima Wednesday, 29 June 2022 06:03 PM
මම දැන් වයස නිසා මාමාගෙන් පස්සේ ඔයත් එක්කලා වැඩ කරන්නම් කිව්වද?
ranjith Wednesday, 29 June 2022 07:46 PM
මෙයාලා ලකුණු දාගන්න ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා.
Perera Thursday, 30 June 2022 01:28 AM
මෙයා ලෝක බැංකුවේ කෙනෙක්ද?
mp Thursday, 30 June 2022 06:52 AM
රටේ මිනිසුන් අසන්තෝෂයෙන්....!